ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ජනතාවට දැනුම්දීමක්

ඩොලරය ඉහළ යාම හා මැදපෙරදිග යුද තත්ත්වය සමනය නොවීම හේතුවෙන් ඉන්ධන පරිභෝජනය ප්‍රවේසමෙන් සිදු නොකළහොත් ඉදිරියේදී දරුණු ප්‍රතිවිපාකවලට මෙරට ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (03) වැනිදා අනතුරු ඇඟවීය.

ජනතාව මෙය කළ යුත්තේ ආණ්ඩුව කෙරෙහි ඇති ආදරයට හෝ ඛනිජ තෙල් සංස්ථාව කියන නිසා හෝ නොව තමන්ටම සිදුවන පාඩුව ගැන සිතාබලා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පැවැසුවේය.

හැකි තරම් ප්‍රවේසමෙන් ඉන්ධන පරිහරණය කරන ලෙස රජය ජනතාවට දැනුම් දෙන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි ගැටලු සහගත තත්ත්වය පාලනය කිරීමට බවත් ඉන්ධන සම්බන්ධයෙන් මීට වඩා අවධානයෙන් ජනතාව කටයුතු කළ යුතු බවත් ඔහු කීවේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තෙල් සංස්ථාව ආණ්ඩුව සතුව නොතිබුණා නම් ජනතාවට ඩීසල් ලීටරයක් මිලදී ගැනීමට සිදුවන්නේ රුපියල් හත්සිය පනහකට බවයි.

කාලීන පුවත්