ප්‍රවීණ ගායිකා ලතා වල්පොල මහත්මියගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කරන අතර ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට බොරැල්ල ජයරත්න අවමංගල්‍යාගාරයේ තැන්පත් ඇත.ඉන් පසුව දේහය රාජ්‍ය ගෞරව සඳහා දෙසැම්බර් 31 වන දින පෙ.ව. 9:00 සිට ප.ව. 3:00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කරන අතර ඉන් පසුව ඇයගේ අවසන් කැමැත්තට අනුව ආගමික කටයුතු වලින් අනතුරුව බොරැල්ල සුසාන භූමියේදී දේහය භූමදානය සිදු කිරීමට නියමිත ය.