ලබන වසරේ දී 60-65%කින් විදුලි බිල ඉහළට?

ලබන වසරේ දී විදුලි බිලේ වැඩි කිරීම 60-65% ක අගයකින් ඉහළ යා හැකි බවට මේ වන විට ගණන් බලා ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන් සෙනවිරත්න මහතා කීය.ඒ අද(27) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.ඒ අතර ඊට එක් වූ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ ජනවාරි 05,09 සහ 13 යන දිනවලදී ගල් අඟුරු නෞකා 03ක් මෙරටට ලඟා වන බවත් එළඹෙන මාසය තුළදී ගල් අඟුරු නෞකා 07ක් ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බවත්ය.එමෙන්ම එම විදුලි බිල වැඩි කරනුයේ පසුගිය කාල සිමාවේ සිදුවූ පාඩු අයකර ගැනීමට නොවන බවත් 2023 වර්ෂයේ විදුලි ජනනය සඳහා වැයවන මුදල පියවා ගැනීමට බවත් ඔහු කීය.

කාලීන පුවත්