මෙවර යළ කන්නයට ප්‍රමාණවත් පොහොර තොග මේ වන විට මෙරට ඇති නමුත් යම් පිරිසක් කෘත්‍රිම පොහොර හිඟයක් ඇති බව මවා පෑමට උත්සහ දරමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.එසේම යළ කන්නය සඳහා යූරියා පොහොර තවත් යම් ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින් ඒ සඳහා යූරියා මෙට්‍රික් ටොන් පහලොස් දහසක් මෙරටට ගෙන ඒමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි.මේ වන විටත් ඇතැමුන් රජය අපහසුවට පත් කිරීමේ අරමුණින් පොහොර හංගන බව අසන්නට ලැබෙන බවට තොරතුරු ලැබෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ පොහොර තොග සඟවන වෙළදුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමර්ග ගන්නා බවයි.