25 වසරකට පසු සංශෝධනය වන ජාතික පාරිසරික පනත

කර්මාන්ත සුදුසුම ස්ථානයක පමණක් ස්ථාපිත කිරීම ස්ථිර කරමින් කර්මාන්තයක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් “පාරිසරික නිර්දේශ” ලබාගැනීම අනිවාර්යය කිරීමට පියවර ගෙන තිබේ.

සංශෝධනය වන නව ජාතික පාරිසරික පනත මගින් කර්මාන්තයක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් (CEA) “පාරිසරික නිර්දේශ” (Environmental Recommendations) ලබාගැනීම නීතිමය වශයෙන් අනිවාර්ය කර ඇත්තේ පූර්ව ආරක්ෂණ ක්‍රමවේදයක් රට තුළ ස්ථාපිත කිරීමේ අරමුණින්.

පැරණි ක්‍රමවේදයන් මෙන් නොව, නව සංශෝධන යටතේ කිසිදු ව්‍යවසායකයෙකුට මූල්‍ය ආයෝජන සිදු කිරීමට, ගොඩනැගිලි ඉදි කිරීමට හෝ යන්ත්‍රසූත්‍ර සවි කිරීමට ප්‍රථමයෙන් මෙම පූර්ව පාරිසරික අනුමැතිය ලබා ගැනීමකින් තොරව කටයුතු කිරීමේ හැකියාවක් නැහැ.

කර්මාන්තයේ ස්වභාවය අනුව සිදු කෙරෙන දැඩි ස්ථානීය පරීක්ෂණ සහ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා (EIA/IEE) සලකා බැලීමෙන් පසුව, අපද්‍රව්‍ය පිරිපහදුව සහ ශබ්ද,දුමාර පාලනය වැනි දැඩි කොන්දේසි මාලාවකට යටත් කරමින් මෙම පාරිසරික නිර්දේශ නිකුත් කරනු ලබයි.

මෙම නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් පාරිසරික නිර්දේශයකින් තොරව කර්මාන්ත ආරම්භ කරන පාර්ශ්වයන්ට එරෙහිව ව්‍යාපෘති අත්හිටුවීම ඇතුළු දැඩි නීතිමය පියවර ගැනීමට ද නව පනත මගින් පූර්ණ බලතල පවරා තිබේ.

කාලීන පුවත්