‘දිට්වා’ ව්‍යසනයෙන් පසු මැදවච්චියෙන් එහා පිහිටි දුම්රිය ස්ථාන ගණනාවක සියලු කටයුතු අත්හිටුවා තිබූ අතර, එහි සංඥා පද්ධතිය ද මේ වන විට සම්පූර්ණයෙන්ම අක්‍රීය මට්ටමක පවතින බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.එවැනි පාරිසරික හා තාක්ෂණික ගැටලු පවතිද්දී, අලුයම් කාලයේදී මෙම මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කිරීම මඟින් විශාල අනතුරු අවදානමක් නිර්මාණය වන බවත්, මෙයින් සිදුවන යම් අනතුරකදී ඊට වගකියන්නේ කවුරුන්ද යන්නත් සංගමය ප්‍රශ්න කර සිටියි.විෂය භාර අමාත්‍යවරයා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරිය වෘත්තීය සමිතිවලින් විමසීමකින් තොරව මෙම තීරණය ගෙන ඇති බවට ද චෝදනා එල්ල වේ.”අමාත්‍යවරයා හැමදාම කියන්නේ මේක හරි පීල්ලට ගේන්න නිලධාරීන්ට කෝච්චියට නගින්න කියලා. හැබැයි වෘත්තීය සමිතිවලට නම් නගින්න කියන්නේ නැහැ. අපි හොඳ අදහස් දෙනවා.. අපි ආණ්ඩු විරෝධී කතා නෙමෙයි කරන්නේ.. මේවා කියද්දී කියද්දී.. අපිව හැමදාම එළියෙන් තියලා.. කිසිදු සාධනීය උත්තර ලබා නොදී මේ කඩිමුඩියේ දුම්රිය ධාවනය ආරම්භ කිරීම පිළිබඳව අපි විරෝධය පළ කරනවා” යැයි සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.සංඥා පද්ධති සහ දුම්රිය ස්ථානවල පාලන කටයුතු විධිමත් නොකර සේවාවන් පවත්වාගෙන යාම මගීන්ගේ මෙන්ම දුම්රිය සේවකයින්ගේ ද ජීවිත අවදානමකට ලක් කිරීමක් බව ක්ෂේත්‍ර විශේෂඥයෝ පෙන්වා දෙති.මෙරට දුම්රිය ක්ෂේත්රය තුළ මෑත කාලයේ සිදුවූ අතපසුවීම් සහ සංඥා දෝෂ හේතුවෙන් අනතුරු කිහිපයක් වාර්තා වූ අතර, එවැනි පසුබිමක අක්‍රීය සංඥා පද්ධති සහිත මාර්ගවල දුම්රිය ධාවනය කිරීම ජාත්‍යන්තර දුම්රිය ප්‍රවාහන ආරක්ෂණ මූලධර්මවලට ද පටහැනි වේ. මගී සුරක්ෂිතතාව සහ යටිතල පහසුකම් සංවර්ධනය අතර සමබරතාවය පවත්වා ගැනීම පාලනාධිකාරියේ ප්‍රධාන වගකීමක් බව ඔව්හු වැඩිදුරටත් අවධාරණය කරති.