විශේෂ මදුරු මර්දන සතියේ දෙවන දිනය වන ඊයේ (1) පරිශ්‍ර 22,294 ක් පරීක්ෂාවට ලක් කර 553 දෙනෙකුට රතු නිවේදන නිකුත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර 4,965 ක්ද මදුරු කීටයන් සහිත පරිශ්‍ර 657 ක් හඳුනා ගත් බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ජුනි මස 30 දින සිට ජුලි 5 දක්වා ප්‍රකාශයට පත් කර තිබේ.
ජාතික මදුරු මර්දන සතියට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ හඳුනාගත් අවදානම් ප්‍රදේශවල විශේෂ පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් සිදු කෙරුණි.
යුද හමුදාව , පොලිසිය , සෞඛ්‍ය අංශ සමග එක්ව නිවාස , ගොඩනැගිලි ,කර්මාන්තශාලා , ඉදිකිරීම් බිම් පරීක්ෂා කිරීමට කටයුතු කරයි.