වාහන ආදායම් බලපත්ර නිකුත් කිරීමේ පද්ධතිය හදිසියේම බිඳවැටීම හේතුවෙන් ආදායම් බලපත්ර නිකුත් කිරීම බදාදා (09) තෙක් අත්හිටුවීමට පියවර ගෙන ඇත.
තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙම පද්ධතිය ක්රියාත්මක කරන අතර මෙම පද්ධතිය මෑතක දී අවස්ථා කිහිපයකදීම විවිධ බිඳවැටීම් හා දෝෂවලට ලක්ව තිබිණි.
දිවයිනේ සියලුම පළාත් ආවරණය වන ආකාරයට ඕනෑම පළාතකට ලියාපදිංචි වාහනයක ආදායම් බලපත්ර ඕනෑම පළාතකින් ලබා ගත හැකි අන්දමින් නව පද්ධතිය ක්රියාත්මක විණි.
කෙසේ වෙතත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යළිත් පද්ධතිය බිඳවැටී ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් ගත විය හැකි බව තොරතුරු තාක්ෂණ නියෝජිතායනය සඳහන් කර තිබේ.