‘ස්ලාඩා 2025’ අගෝස්තු මසදී ඇරඹේ

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය සංවිධාන කරනු ලබන ‘ස්ලාඩා 2025’ මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලිය අගෝස්තු මස සිට ආරම්භ වීමට නියමිත අතර, ඒ සඳහා දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ දී පැවැත්විය.

මෙවර මෙම තරගාවලිය අදියර 4ක් යටතේ පැවැත්වීමට නියමිතයි. ඒ අනුව එහි ප්‍රථම අදියර ලෙස රොදර්හැම් කටුකුරුන්ද තරගාවලියේ ප්‍රථම අදියර අගෝස්තු මස 16 සහ 17 දෙදින පැවැත්වේ. අනතුරුව ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය අනුරාධපුර සාලියපුර ධාවන පථයේ දී අගෝස්තු 30 සහ 31 යන දෙදිනදීත්, මින්නේරිය ධාවන පථයේදී ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය ඔක්තෝබර් 4 සහ 5 යන දෙදින දීත් පැවැත්වීමට නියමිතයි. ‘ස්ලාඩා’ තරගාවලියේ අවසන් අදියර ලෙස කටුකුරුන්ද ධාවන පථයේ පැවැත්වෙන රොදර්හැම් තරගාවලියේ දෙවැනි අදියර නොවැම්බර් 1 සහ 2 යන දෙදිනදීත් පැවැත්වේ. සමස්ත තරගාවලියේ සම්මාන ප්‍රදාන උළෙල දෙසැම්බර් මස 12 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය ශ්‍රී ලංකා යුද හමුදාව සහ ගුවන් හමුදාව මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

කාලීන පුවත්