ජූලි මාසයේදී සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 318ක ආදායමක්

2025 වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් මිලියන 1.4 ඉක්මවයි. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සැළකිය යුතු වර්ධනයක්.

වැඩිම සංචාරකයින් පැමිණි රටවල්

ඉන්දියාව – 286,085
බ්‍රිතාන්‍යය – 135,722
රුසියාව -116,257
ජර්මනිය – 87,522
චීනය – 81,859
ප්‍රංශය – 75,565
ඔස්ට්‍රේලියාව – 61,901
නෙදර්ලන්තය – 43,604
ඇමරිකාව 40,451
බංග්ලාදේශය – 36,949

මේ වසරේ ජූලි මාසයේ සංචාරකයින්ගෙන් ලැබූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 318.5කි. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය වසරේ ජූලි මාසයේ එම ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 151.1කි

කාලීන පුවත්