කණ්ඩායම් 08ක සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය එක්සක් අරාබි එමිර් රාජ්‍යයේදී අද (09) ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව තරගාවලියේ පළමු තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 8ට ආරම්භ වන්නේ ඇෆ්ගනිස්ථානය සහ හොංකොං කණ්ඩායම් අතරයි.තරගාවලිය මෙවර ඒ හා බී වශයෙන් වර්ග කර ඇති අතර ශ්‍රී ලංකාව බී කාණ්ඩය යටතේ තරග වදියි.
එම කාණ්ඩය නියෝජනය කරන සෙසු කණ්ඩායම් වන්නේ ඇෆ්ගනිස්ථානය, හොංකොං සහ බංග්ලාදේශයයි.ඉන්දියාව, ඕමානය, පාකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් ඒ කාණ්ඩය යටතේ තරග වදින අතර කාණ්ඩ දෙකේ හොඳම කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 04ක් සුපිරි හතරදෙනාගේ වටයට සුදුසුකම් ලබයි.
ඉන් වැඩිම තරග ප්‍රමාණයක් ජය ගන්නා කණ්ඩායම ලබන 28 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නියමිතයි.17 වන වරටත් පැවැත්වෙන මෙම තරගාවලියේ ශූරතා 08ක් ඉන්දියාව විසින් දිනාගෙන ඇති අතර ශ්‍රී ලංකාව 06ක් සහ පාකිස්ථානය ශූරතා දෙකක් දිනාගෙන තිබෙනවා.