කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ භාවිතා කරන ජනතාවට දැනුම්දීමක්

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් ධාවනය කෙරුණු බස් රථ අද (11) මධ්‍යම රාත්‍රී දොළහේ සිට පිටකොටුව, බෝධිරාජ මාවත, ගුණසිංහ පුර සහ බැස්ටියෙන් මාවතේ සිට ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්. ආර්. ටී. චන්ද්‍රසිරි පවසයි.

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වසරක් ඇතුළත නවිකරණයට කිරීමේ රජය සැලසුම් පිළිබඳව පසුගිය දා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අනාවරණය කෙරුණි.එම අලුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කිරීමට නියමිතයි.ඔවුන්ගේ ඉල්ලීම පරිදි මධ්‍යම බස් නැවතුම්පොළ සම්පූර්ණයෙන් හිස්කර ඔවුන්ට ලබා දීමට නියමිතයි.

කාලීන පුවත්