වෙළෙඳපොළේ කීරිසම්බා හිඟයක්

වෙළෙඳපොළේ කීරි සම්බා සහල් හිඟයක් පවතින බවට පාරිභෝගික ජනතාව පවසයි.

පිටකොටුව සහල් තොග වෙළෙඳුන් පවසන්නේ කීරි සම්බා සඳහා පනවා ඇති රුපියල් 260 ක පාලන මිල ඉක්මවා සහල් නිෂ්පාදකයන් තමන්ට කීරිසම්බා සැපයීම හේතුවෙන් එම සහල් අලෙවියෙන් ඉවත්ව සිටින බවයි.

මේ තත්ත්වය හමුවේ සිල්ලර වෙළෙඳුන්ද කීරි සම්බා සහල් අලෙවියෙන් වැළකී සිටියි.මෙවන් වාතාවරණයක එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ සම්බා සහ කීරි සම්බා සහල්වලට පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

එහෙත් මහා පරිමාණ සහල් මෝල් හිමියන් කෘත්‍රිමව සහල් හිඟයක් නිර්මාණය කර වාසි ලබාගැනීමට උත්සාහ කරන බැවින් සහල්වල උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට කිසිසේත් පියවර නොගන්නා ලෙස ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටියි.මේ අතර ජාතික ගොවිජන එකමුතුව පවසන්නේ ආණ්ඩුව කඩිනමින් මැදිහත්ව මේ ගැටලුවට විසඳුම් ලබාදිය යුතු බවටයි.

කාලීන පුවත්