හොංකොං පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ඊයේ (15) ක්‍රීඩාකළ තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබාගැනීමට සමත් විය.තරගය ඩුබායි ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේදී පැවත්විය.ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එකිනෙකා හවූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මෙම ජයත් සමග ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමටද හැකිවිය.මෙහිදී ශ්‍රී ලංකාවට හොංකොං කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 150 ඉලක්කය පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 153ක් රැස්කරමින් පසුකරනලදි.

කාලීන පුවත්