මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍රයක්

මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ”පොදු ප්‍රවාහන බලපත්‍රය” ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අම්පාරේ ඊයේ (20) පැවැති රැස්වීමකදීය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ එම බලපත්‍රය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවත් ඒ අනුව මෙම වසර අවසානයේදී පොදු ප්‍රවාහන රියදුරන් අනිවාර්යයෙන්ම එම බලපත්‍රය ලබා ගත යුතු බවයි.

කාලීන පුවත්