පාලන මැතිවරණයේ දී සජබ හා එජාප එක් වීමේ සූදානමක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය හා එක්ව වැඩ කිරීම සම්බන්ධ මූලික එකඟතාවක් ඊයේ (09)පැවැති සමගි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී සම්මත කරගෙන තිබේ. මෙම පක්ෂ දෙක අතර බිම් මට්ටමේ සහ ආසන මට්ටමේ බොහෝ දෙනකු මෙසේ එක්වීමට කැමැත්ත පළ කොට ඇති මුත් මෙසේ එක්ව වැඩ කිරීමේ දී නායකත්වය හිමි විය යුත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද ද නැතහොත් ද සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාට ද ද යන්න මේ දක්වාම විසඳාගන්නට අපහසු ගැටලුවක්ව පවතී.එම ගැටලුව විසඳීම සම්බන්ධ මින් ඉහත පැවැත්වූ සාකච්ඡා ද අසාර්ථක වී තිබුණි.කෙසේ වෙතත් පසුගිය පාර්ලිමේන්තු හා පළාත් පාලන මැතිවරණවලදී සභිකයින් සංඛ්‍යාත්මකව බහුතරය සමගි ජන බලවේගය සතු වූ මුත් බුද්ධිමය උපාය මාර්ග , දිගු කාලීන මගපෙන්වීම හා ජාත්‍යන්තර පිළිගැනීම යන කරුණු වල දී සජිත් ප්‍රේමදාස මහතාට වඩා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියෙන් සිටින බැවින් සන්ධානගතවීමේදී මෙම නායකත්වය පිළිබඳ නිශ්චිත තීරණයක් තාමත් ඉදිරිපත් ව නැත.

කාලීන පුවත්