මැද පෙරදිගට සාමය! හමාස් භාරයේ සිටින අවසන් ප්‍රාණ ඇප කරුවන් විස්ස මුදා හැරේ

දෙවසරක් පුරා හමාස් සංවිධාන භාරයේ ප්‍රාණ ඇපයේ පසුවූ ඊශ්‍රායල ජාතිකයින් අතරින් දැනට ජීවතුන් අතර සිටින අවසන් විසිදෙනා රතු කුරුස සමාජය විසින් ඊශ්‍රායල හමුදා වෙත භාරදීම අද( 13) සිදුව ඇත.ඒ අනුව පුරා වසර දෙකක කාලයක් පුරා කුඩා දරුවන් ඇතුළු 70,000කට ආසන්න පිරිසකට දිවි අහිමිකරමින් පැතිරගිය ඊශ්‍රායල පලස්තීන යුද්ධය අවසන් වන ලකුණු පෙන්නුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම අවස්ථාවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි ප්‍රයත්න මල්ඵලගන්වමින් මැදපෙරදිග කලාපයට අද සාමය උදාවන අතර ඒ දශක ගණනක් පුරා කලාපයට හිසරදයක්ව ඇති ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුමට විරාමයක් ගෙන ඒමේ සාම සැලසුම අද සිට ක්‍රියාවට නැංවෙන බව ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය වී තිබේ.

කාලීන පුවත්