විදුලි ගාස්තු සංශෝධනය අද

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය අද (14) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.මෙහිදී විදුලි ගාස්තු 6.8% කින් වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අගෝස්තු 27 වනදා යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම මහජන උපයෝගීතා කොමිසම විසින් සැප්තැම්බර් 18 වනදා සිට ඔක්තෝබර් 08 වනදා දක්වා සිදුකරන ලදී.මෙම තීරණය ප්‍රකාශයට පත් වනුයේ ඉන් අනතුරුව ය.

කාලීන පුවත්