කොළඹ 1 – 15 දක්වා බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ ඇතුළු ප්රදේශ රැසක අද (23) ජල කප්පාදුවක් සිදු වන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ අද පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා මෙම ජල කප්පාදුව සිදු කරන බවයි.