රත­ඹ­ලා­ඔය පිටාර ගැලී­මෙන් මහ­මා­එ­ළියේ කුඹුරු අක්කර 300කට හානි

ආර­ච්චි­ක­ට්ටුව, රත­ඹ­ලා­ඔය පිටාර ගැලී­මෙන් මහ­මා­එ­ළිය කුඹු­රු­යායේ අක්කර 300කට ආසන්න භූමි­යක් දින පහ­කට වැඩි කාල­යක් ජල­යෙන් යට­වී­මෙන් දින 25කට ආසන්න ගොයම විනාශ විමේ අව­දා­න­ම­කට ලක්ව ඇති බව ගොවීහු පව­සති.

ගොවීන් පව­සන්නේ මහ වැසිත් සමඟ රත­ඹ­ලා­ඔය පිටාර ගැලී­මෙන් ගලා එන ජලය තම කුඹුරු යාය වෙත කඩා වැදී­මෙන් මෙලෙස කුඹුරු දින පහක් පුරා ජල­යෙන් යට වී ඇති බවයි.

මහ­මා­එ­ළිය ගොවි සංවි­ධා­නයේ සභා­පති කේ.ඒ. තිල­ක­රත්න මහතා පවසා සිටියේ තමන් සමඟ ගොවි සංවි­ධා­නයේ ගොවීන් මේ වන­විට මහත් අස­ර­ණ­තා­ව­කට පත්ව ඇත්තේ දින 25කට ආසන්න ගොයම ජල­යෙන් යට වීම නිසා­වෙන් මෙලෙස ගොයම තවත් දින කිහි­ප­යක් ජල­යෙන් යට වී තිබු­ණ­හොත් ගොයම් සම්පූ­ර්ණ­යෙන් කුණු වී විනාශ වී යෑම සිදු­වීම වැළැ­ක්විය නොහැකි බවයි.

එසේම රත­ඹ­ලා­ඔය මෙලෙස පිටාර ගැලීම වැළැ­ක්වී­මට එය නිසි ලෙස ප්‍රති­සං­ස්ක­ර­ණය කර දෙන ලෙස ඉල්ලා සිටි­යත් එය කිසි ලෙස­කත් අදාළ කාල සීමා­ව­ලදී නොකි­රීම හේතු­වෙන් මෙලෙස පිටාර ගැලීම සිදු­වන බවත් ඔහු පව­සයි.

මහ­මා­එ­ළිය ගොවි සංවි­ධා­නයේ ලේකම් ජූඩ් ශාන්ත මහතා,

“අපි වසරේ යල – මහ දෙකේම පුදුම අස­රණ වීමක් වෙනවා. ඒ කටු­පත වැව වාන් දමන විට ඒ ජලය රත­ඹ­ලා­ඔය දිගේ ගලා­විත් අපේ කුඹුරු විනාශ වීම නිසයි. අපි අවු­රුදු 40ක 50ක ඉඳලා ඉල්ලපු දෙයක් තමයි මේ රත­ඹ­ලා­ඔය නිසි ලෙස ජලය ගලා යන ලෙසට සකස් කරලා දෙන්න කියලා. නමුත් එය කව­දා­වත් නිසි ලෙස වෙන්නේ නැහැ. ඒ නිසා අපි අස­රණ වෙනවා පුදුම විදි­හට. අපිට කිසිම දෙයක් එපා මේ ගොවීන්ට අක්කර 300කට ආසන්න කුඹුරු යාය නිද­හසේ කර­ගන්න රත­ඹ­ලා­ඔය පිළි­ස­කර කර දෙන්න කියලා විත­රයි ඉල්ලන්නේ.”

කාලීන පුවත්