උද්ධමනය ක්රමයෙන් ඉහළ යාමේ ප්රවණතාව ඉදිරි කාල සීමාවේ ද අඛණ්ඩව පවතිනු ඇතැයි පෙන්නුම් කෙරෙන බව ශ්රී ලංකා මහබැංකුව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහන් වෙයි. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ පසුගිය 24 වැනිදා යි.
එය සියයට පහක ඉලක්කයට අනුකූල මට්ටමක ස්ථායි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත් එහි සඳහන් කර තිබේ.
පසුගිය වසරේ සහ මේ වසරේ මුල් භාගයේ සිදු කළ විදුලි ගාස්තු අඩු කිරීම් අපේක්ෂිත මට්ටම්වලට වඩා වැඩි වූ බවත් ඒ අතර ම ආහාර මිල ගණන් යම්තාක් දුරකට අඩුවීම සහ ශ්රී ලංකා රුපියල අතිප්රමාණය වීම ද උද්ධමනය පහළ යාමට හේතු වූ බවත් එහි සඳහන්ව ඇත.
මෙම වසරේ ජනවාරි මාසයේ දී වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමග වාහන ආනයනයන්හි සැලකිය යුතු වර්ධනයක් නිරීක්ෂණය වූ බව ද එම කාලසීමාවේදී රුපියල ක්රමයෙන් අවප්රමාණය වූ බව ද එහි සඳහන්ව තිබේ.