උසස් පෙළ විභාග උපකාරක පන්ති පැවැත්වීම අද සිට තහනම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව අද (04 ) මධ්‍යම රාත්‍රි 12.00 සිට සම්පූර්ණ විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය සඳහා පැවැත්වෙන සියලුම උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීම, දේශන සහ වැඩමුළු පැවැත්වීම සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ඇතුළු විභාගය සම්බන්ධ සියලුම ප්‍රචාරණ කටයුතු අද (04) මධ්‍යම රාත්‍රි 12.00 සිට තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසයි.

මෙවර උසස් පෙළ විභාගය දිවයිනපුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී ලබන 10දා ආරම්භ වන අතර දෙසැම්බර් 05දා දක්වා එය පැවැත්වීමට නියමිතව ඇත.

විභාගය සඳහා පාසල් අයැදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 94,004ක් ඇතුළුව සම්පූර්ණ අයැදුම්කරුවන් 340,525ක් පෙනී සිටීමට නියමිතයි.

කාලීන පුවත්