ශ්‍රී ලංකාවට වූෂු ක්‍රීඩාව හඳුන්වා දී වසර 50ක් පිරීම නිමිත්තෙන් එහි රන් ජුබිලි සැමරුම් උත්සවය අද (5 ) කොළඹ රාජකීය විද්‍යාලයීය මාස් එරීනා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් වූෂු ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ප්‍රසන්න ජයවීරගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවට වූෂු ක්‍රීඩාව හඳුන්වා දුන් 1975 වසරේ සිට වසර 50ක් පුරා ශ්‍රී ලාංකේය වූෂු ක්‍රීඩාව නගාසිටුවීම සඳහා කැපවූ වූෂු නිලධාරීන්, පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් සඳහා සම්මාන ප්‍රදානයක් මෙන්ම ගෝලීය සාම්ප්‍රදායික වින්ග් චුන් කුං ෆු සම්මේලනයේ දකුණු ආසියානු කලාපයේ සභාපතිත්වය සඳහා ප්‍රසන්න ජයවීර නිල වශයෙන් පත් කිරීම ද මෙහිදී සිදු වේ.
මෙම උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ගෝලීය සාම්ප්‍රදායික වින්ග් චුන් කුං ෆු සම්මේලනයේ වත්මන් සභාපති ඇන්ඩෘ චුන් එක් වන අතර ඔහු දකුණු ආසියානු රටකට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය ලෙස ද මෙහිදී ප්‍රකාශ කෙරිණි. මෙයට සමගාමීව මෙම වසරේ සිට මෙරට තුළ මිශ්‍ර සටන් කලාව ආරම්භ කිරීමට ද නියමිතයි. එහි ආරම්භයක් ලෙස මිශ්‍ර සටන් කලාව පිළිබඳව හදුන්වා දීමේ දේශන මාලාවක් ද පැවැත්වීමට නියමිතයි. එසේම විදෙස් ආයෝජකයන් සහ ප්‍රවර්ධකයන් ද එක් කරගනිමින් ශ්‍රී ලංකාවේ මිශ්‍ර සටන් කලාව වැඩි දියුණු කිරීමේ සැලසුම් සකස් කරමින් පවතින බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.