
එල්.ටී.එල්. සමාගම නමැති ආයතනයක් ගැන මේ දිනවල යම් ආන්දෝලනයක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙනු දුටු මට මේ පිළිබඳව යම් සොයා බැලීමක් කිරීමට සිත් විය. එසේ සොයා බැලීමට අදහස් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ “හොරකම, දූෂණය” යැයි ප්‍රචාරය කරන බොහෝ සම්ප්‍රලාප සාමාන්‍ය සමාජය විසින් කිසිදු වග විභාගයකින් තොරව පරම සත්‍යයක් ලෙස විශ්වාස කිරීම මේ රටේ සාමාන්‍යයෙන් සිදුවන නිසා ය. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නේ තනි තනි පුද්ගලයන් විසින් ඔවුන්ගේ තේරුම් ගැනීම අනුව ඇති කරගන්නා නිගමනයන් ය. ඇතැම් නිගමනයන් කාගේ හෝ අවශ්‍යතාවක් වෙනුවෙන් නිර්මාණය කර මහජනතාවට සන්නිවේදනය කරවන්නේ ද සමාජ මාධ්‍ය ඔස්සේ ය. එම නිසා, සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කෙරෙන කරුණු පිළිබඳව යම් ආකාරයක සොයා බැලීමක් කර ඒ පිළිබඳව සොයා ගන්නා කරුණු පාඨකයන් ඉදිරියේ තැබීමේ වගකීමක් ලේඛකයන් ලෙස අපට ඇත. මෙම උත්සාහය එල්.ටී.එල්. සමාගමේ කතාව පිළිබඳව අප සපයාගත් තොරතුරු ඔබ හමුවේ ඉදිරිපත් කිරීමට ය.
එල්.ටී.එල්. යන කෙටි නමින් හැඳින්වෙන්නේ සීමාසහිත ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම නමින් 1980 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ මුල් වරට ලියාපදිංචි කරන ලද සමාගමකි. මේ සමාගම ප්‍රධාන කොටස්කරුවන් දෙදෙනකුගෙන් සමන්විත විය. ඒ ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) හා එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ලියාපදිංචි පෞද්ගලික සමාගමකි. ලියාපදිංචි කරන අවස්ථාවේ සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනය වූයේ රුපියල් මිලියන 13 කි. එම කොටස් ප්‍රාග්ධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් 7,800,000 ක් ද, ස්කොට්ලන්ත සමාගම රුපියල් 5,200,000 ක් ද ආයෝජනය කරනු ලැබ ඇත. ඒ අනුව, සම්පූර්ණ කොටස් ප්‍රමාණයෙන් 60% ක් ලංකා විදුලිබල මණ්ඩලයටත්, ඉතිරි 40% ස්කොට්ලන්ත සමාගමටත් හිමි විය. මෙම සමාගමේ නමෙන්ම ඇඟවෙන පරිදි ඔවුන් විසින් සිදු කළේ ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමර් මෙරටදී නිපදවීම ය. මෙම සමාගම ආරම්භ කිරීමට ප්‍රථම රටට අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමර් විදේශ රටවලින් ආනයනය කළ අතර ඊට හේතු වූයේ ඒවා මෙරට නිපදවීමට තාක්ෂණික දැනුම මෙරට නොතිබීම ය. ඉහත ස්කොට්ලන්ත සමාගම සතුව අවශ්‍ය තාක්ෂණික දැනුම තිබූ නිසා මෙරටට අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමර් නිපදවීම සඳහා මේ සමාගම ආරම්භ කරන ලදී.
මඳ කලෙකින් ස්කොට්ලන්ත සමාගමට අයත් කොටස්වලින් 10% ක් ලංකා විදුලිබල මණ්ඩලයට විකිණූ අතර, ඒ අනුව සමාගමේ කොටස් හිමිකාරීත්ව ප්‍රතිශතය 70% හා 30% ලෙස වෙනස් විය. අනතුරුව, මේ ස්කොට්ලන්ත සමාගම සතුව තිබූ කොටස් ප්‍රමාණය නෝර්වීජියානු සමාගමක් විසින් මිලට ගන්නා ලදී. මෙම සමාගමේ කොටස්කරුවන් අතර ඇති ගිවිසුම අනුව, සුළු කොටස් අයිතිය ඇති කොටස් හිමියා තම කොටස් විකිණීමට අදහස් කරන්නේ නම් ඒ බව ප්‍රධාන කොටස් හිමියාට දැනුම් දිය යුතු විය. ප්‍රධාන කොටස්කරුවා මිලදී නොගන්නේ නම් බාහිර පාර්ශ්වයකට කොටස් විකිණීමට හැකි වෙයි. විදුලිබල මණ්ඩලය ස්කොට්ලන්ත සමාගමේ කොටස් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළේ ට්‍රාන්ස්ෆෝමර් නිර්මාණ තාක්ෂණය විදුලිබල මණ්ඩලයේ නොතිබීම නිසා වන්නට ඇත.
1986 වනවිට සමාගම ලැබූ ලාභය ප්‍රාග්ධනයට එකතු කර මුළු කොටස් ප්‍රාග්ධනය මිලියන 25 දක්වා වැඩිකරන ලදී. එසේ වුවද, කොටස් හිමිකාරිත්වය විදුලිබල මණ්ඩලය 70% හා නෝර්වීජියානු සමාගම 30% ලෙස නොවෙනස්ව රඳවා ගන්නා ලදී. 1990 දී නෝර්වීජියානු සමාගමේ කොටස් ඒ.බී.බී. සමාගම විසින් මිලට ගන්නා ලදී.
1996 දී සමාගම විදුලි ජනන ක්‍රියාවලියට සම්බන්ධ වීමට තීරණය කළේ ලක්දනව් බලාගාරය ඉදිකිරීම භාර ගැනීමෙනි. මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ආයෝජනය වන රුපියල් මිලියන 125 සොයා ගැනීම සඳහා සමාගමේ කොටස් නිකුත් කිරීමක් කළ අතර, ඉන් රුපියල් මිලියන 87.5 ක් ලංකා විදුලිබල මණ්ඩලයත්, රුපියල් මිලියන 37.5 ක් ඒ.බී.බී. සමාගමත් යොදවන ලදී. ඒ අනුව, එල්.ටී.එල්. සමාගම විදුලි ජනනයට සම්බන්ධ වී ලක්දනව් විදුලි බලාගාරය සාර්ථක ලෙස ජනන පද්ධතියට එක් කරන ලදී.
මේ වනවිට එල්.ටී.එල්. සමාගම අංශ තුනක් ඔස්සේ සිය ව්‍යාපාර කටයුතු මෙහෙයවමින් සිටියේය. ඒ ට්‍රාන්ස්ෆෝමර්ස් නිපදවීම, ගැල්වනයිස් කිරීම, විදුලිය ජනනය කිරීම වශයෙනි.
2001 වනවිට ඒ.බී.බී. සමාගම තම සමාගම අනුගමනය කළ ගෝලීය ප්‍රතිපත්තියක් අනුව, ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ ද කොටස් ප්‍රමාණයෙන් 10% ක් එහි සේවකයන්ට දිය යුතු බවත්, ඒ සඳහා නව කොටස් නිකුතුවක් කර සේවකයන් සඳහා මිලදී ගැනීමට අවස්ථාව දිය යුතු බවත් සමාගමට යෝජනා කරන ලදී. මේ යෝජනාවට අවශ්‍ය අනුමැතිය ලද පසු එය ක්‍රියාත්මක කිරීම සඳහා අලුතින් කොටස් මිලියන 1.67 ක් නිකුත් කර එය සේවකයන්ට එක් කොටසක් රුපියල් 10 බැගින් මුදලට ලබා ගැනීමට ඉඩ ලබා දෙන ලදී.
මෙසේ එල්.ටී.එල්. සමාගම සිය කොටස් ප්‍රමාණයෙන් 10% ක් සේවකයන්ට නාමික අගයට අලෙවි කළත්, රජයට සම්බන්ධ වෙනත් සමාගම් කීපයක්ම මේ වන විට සේවකයන්ට කොටස් ලබාදීම කර තිබුණේ නොමිලයේ ය. උදාහරණ ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, එන්.ඩී.බී. බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව වැනි ආයතන පෙන්වා දිය හැකි ය.
එල්.ටී.එල්. සමාගමේ සේවකයන්ට තමන්ට ලබාදෙන කොටස්වලට ගෙවීමට මුදල් නොමැති වූ නිසා, සේවකයන්ගේ භාර අරමුදලක් ස්ථාපිත කර කොටස් එම භාරයට පැවරීමටත්, කොටස් වෙනුවෙන් ගෙවිය යුතු මුදල සමාගම වෙත පියවීම එම භාරයට කොටස් වෙනුවෙන් වාර්ෂිකව ලැබෙන ලාභාංශවලින් පියවීමටත් වැඩසටහනක් සේවකයන්ගෙන් යෝජනා කෙරුණු අතර, සමාගම ඊට අනුමැතිය දීමෙන් පසු එය ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව, සමාගමේ කොටස් අයිතියෙන් 10% ක් සේවකයන්ගේ භාර අරමුදලට ලැබුණු අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් හිමිකාරිත්වය 63% ලෙසට ද, ඒ.බී.බී. සමාගමේ කොටස් හිමිකාරිත්වය 27% ලෙසට ද පත් විය.
මේ අතර, 2003 පමණ වනවිට මේ සමාගම ට්‍රාන්ස්ෆෝමර් නිපදවා අපනයනය කිරීම ආරම්භ කරන ලදී. ඒ සමඟම සිය සේවාවන් ශ්‍රී ලංකාවෙන් පිටතට ද ව්‍යාප්ත කළ එල්.ටී.එල්. සමාගම විදේශීය රටවල ක්‍රියාත්මක වීමද ඇරඹුණි. මේ යටතේ එල්.ටී.එල්. සමාගමේ අනුබද්ධිත සමාගමක් ලෙස ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ටැන්සානියා සමාගම 2004 දී ආරම්භ විය.
මේ අන්දමින් ව්‍යාපාර කටයුතු පුළුල් වෙද්දී සමාගමේ කොටස් හිමියෙක් වන විදේශීය කොටස්කරුවා වන ඒ.බී.බී. සමාගමට සිය කොටස් විකුණා මෙරට ක්‍රියාකාරීත්වයෙන් බැහැර වීමට අවශ්‍ය විය. සුපුරුදු ලෙස ප්‍රධාන කොටස් හිමියා වන ලංකා විදුලිබල මණ්ඩලයට තම කොටස් ප්‍රමාණය එකක් රුපියල් 100 බැගින් වන වෙළඳ අගයක් ගෙවා මිලදී ගන්නා ලෙස දැනුම් දීම කරන ලදී. ඒ සඳහා ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 513 ක් වූ නිසාදෝ, 27% ක් වන එම කොටස් ප්‍රමාණය මිලදී ගත නොහැකි බව විදුලිබල මණ්ඩලය තීරණය කරන ලදී.
ප්‍රධාන කොටස්කරුවා විසින් තම කොටස් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ පසු ඒ.බී.බී. සමාගමට සිය කොටස් බාහිර පාර්ශ්වයන්ට විකිණීමට අවස්ථාව උදා විය. ඒ පිළිබඳව ඔවුන් දේශීය, විදේශීය සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටියදී එල්.ටී.එල්. සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ ද සාකච්ඡා කළහ. මේ වනවිට ජාත්‍යන්තරව බලශක්ති ක්ෂේත්‍රයේ මෙහෙයුම් අරඹා අත්දැකීම් සහිතව සිටි සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට, යම් හෙයකින් කලාපීය තරඟකාරී විදේශීය සමාගමක් මේ කොටස් මිලදී ගෙන එල්.ටී.එල්. සමාගමට සම්බන්ධ වුවහොත් තම සමාගම දැනටත් සාර්ථකව කරගෙන යන ව්‍යාපාරික අවස්ථාවන්ට අභියෝගයක් වීමට ඉඩ ඇති බව තේරුම් ගත හැකි විය.
ඒ අනුව, ඒ.බී.බී. සමාගම සතුව ඇති 27% කොටස් මිලදී ගැනීමට තීරණය කරමින් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ප්‍රමුඛ සේවක මණ්ඩලය ඒකාබද්ධව පෞද්ගලික සමාගමක් ස්ථාපිත කරගන්නා ලදී. මෙම සමාගම “පෙරදිව්” සමාගම ලෙස හැඳින්වෙන අතර, කොටස් මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට එල්.ටී.එල්. සමාගම හා ජාතික සංවර්ධන බැංකුව (එන්.ඩී.බී.) සමඟ සාකච්ඡා කරන ලදී.
ඒ අනුව, ජාතික සංවර්ධන බැංකුව ණය මුදලක් ලෙස රුපියල් මිලියන 417 ක් එල්.ටී.එල්. සමාගමට ලබාදීමටත්, එල්.ටී.එල්. සමාගම එම මුදල “පෙරදිව් සමාගම” මිලදී ගන්නා කොටස් වෙනුවෙන් ඒ.බී.බී. සමාගමට ගෙවීමටත්, ණය මුදල හා පොලිය ගෙවීම සඳහා “පෙරදිව්” සමාගමට ලැබෙන කොටස්වල ලාභාංශ යොදා ගැනීමටත් එකඟතාවක් ඇති කර ගන්නා ලදී. මෙහිදී එල්.ටී.එල්. සමාගම ද මේ ගනුදෙනුවට පහසුකම් සැපයීම වෙනුවෙන් පොලී මුදලක් අයකර ගැනීමට ද තීරණය කරන ලදී.
මේ එකඟතාවයන් අනුව කටයුතු සිදුවී ඒ.බී.බී. සමාගම සතුව තිබූ 27% කොටස් ප්‍රමාණය එල්.ටී.එල්. සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ප්‍රමුඛ සේවක මණ්ඩලයට හිමි විය. නියමිත එකඟතාවයන්ට අනුව අදාළ ණය මුදල හා පොලිය ලාභාංශවලින් වසර පහක් තුළ ගෙවා දැමීමටත්, එල්.ටී.එල්. සමාගමට ඔවුන් සැපයූ සේවාව වෙනුවෙන් රුපියල් මිලියන දෙසිය ඉක්මවූ මුදලක් ගෙවීමටත් “පෙරදිව්” සමාගම සමත් විය.
මීට පෙර එල්.ටී.එල්. සමාගමේ සේවකයන්ට නාමික අගය මත ලබා දී තිබූ 10% කොටස් ප්‍රමාණයේ අයිතිය සඳහා ස්ථාපිත කර තිබූ භාර අරමුදල ද පසුව එම සේවකයන්ගේ කොටස් හිමිකාරීත්වය සහිතව ස්ථාපිත සමාගමක් බවට පත් කරන ලදී. ඒ සමාගම ටෙට්‍රෝ ඉන්වෙස්ට්මන්ට් නමින් හැඳින්වේ.
මේ අන්දමින් 2017 වනවිට එල්.ටී.එල්. සමාගමේ කොටස් අයිතිය පැවතුණේ: ලංකා විදුලිබල මණ්ඩලය – 63% පෙරදිව් සමාගම – 27% ටෙට්‍රෝ ඉන්වෙස්ට්මන්ට් සමාගම – 10% වශයෙනි.
මෙසේ සේවකයන් වෙත කොටස් අයිතිය සැලකිය යුතු ප්‍රමාණයක් ලැබීමෙන් පසු සමාගමේ ශීඝ්‍ර වර්ධනයක් දැකගත හැකි විය. මේ වනවිට එල්.ටී.එල්. සමාගම යටතේ ඇති අනුබද්ධිත සමාගම් ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, ටැන්සානියාව, මාලදිවයින ආදී රටවල විදුලි හා බලශක්ති ක්ෂේත්‍රවල මෙහෙයුම් කරමින් සිටියි.
මේ සමාගම විවේචනය කරන්නන් පවසන්නේ විදුලිබල මණ්ඩලයට විදුලිය සපයා ලාභ පෙන්වීම බෙහෙවින් පහසු බවය. එහෙත් එල්. ටී. එල්. සමාගම් ජාලය මේ වනවිට සිය ආදායමෙන් 70% කට වඩා ලබන්නේ ඒ සමාගමේ විදේශීය මෙහෙයුම් මගිනි. පසුගිය 2024 වර්ෂයේ එල්. ටී. එල්. සමාගම් ජාලයේ මුළු ආදායමෙන් විදුලිබල මණ්ඩලයෙන් – 10% ශ්‍රී ලංකාව තුළින් – 19%විදේශීය රටවල ව්‍යාපාරවලින් – 71%ලබාගෙන ඇත. ඒ අනුව, ජාතික ආර්ථිකයට විදේශීය මුදල් ඉපයීමෙන් මේ සමාගම් ජාලය දක්වන දායකත්වය සුවිශේෂී වෙයි.
මේ වනවිට දේශීය හා විදේශීය සමාගම් 18 කට පමණ නායකත්වය දෙන මව් සමාගම බවට එල්.ටී.එල්. හෝල්ඩිංස් සමාගම පත්ව ඇත. ශ්‍රී ලංකාවේ විදුලි ජනනයට මේ වනවිට 15%-20% අතර ප්‍රමාණයෙන් දායකත්වය සපයන්නේ එල්.ටී.එල්. සමාගම හා එහි අනුබද්ධිත සමාගම්ය. දැනට සම්බන්ධ වී ඇති ව්‍යාපෘති සියල්ල යථා පරිදි සිදුවුවහොත් මෙරට විදුලි ක්ෂේත්‍රයේ එල්.ටී.එල්. දායකත්වය මෙගාවොට් 1300 ක් පමණ වනු ඇත.
ඒ හැර, රටවල් පනහකටත් වඩා වැඩි සංඛ්‍යාවක් සමඟ ගනුදෙනු කරමින් සේවාවන් සපයන මේ සමාගම් ජාලයේ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 500 කට අධිකය.
මේ සමාගම විවේචනය කරන්නන් පවසන්නේ විදුලිබල මණ්ඩලයට විදුලිය සපයා ලාභ පෙන්වීම බෙහෙවින් පහසු බවය. එහෙත් එල්.ටී.එල්. සමාගම් ජාලය මේ වනවිට සිය ආදායමෙන් 70% කට වඩා ලබන්නේ ඒ සමාගමේ විදේශීය මෙහෙයුම් මගිනි. පසුගිය 2024 වර්ෂයේ එල්.ටී.එල්. සමාගම් ජාලයේ මුළු ආදායමෙන්: විදුලිබල මණ්ඩලයෙන් – 10% ශ්‍රී ලංකාව තුළින් – 19% විදේශීය රටවල ව්‍යාපාරවලින් – 71% ලබාගෙන ඇත. ඒ අනුව, ජාතික ආර්ථිකයට විදේශීය මුදල් ඉපයීමෙන් මේ සමාගම් ජාලය දක්වන දායකත්වය සුවිශේෂී වෙයි.
එල්.ටී.එල්. සමාගම් ජාලයට විදුලිබල මණ්ඩලය කර ඇති ආයෝජනය රුපියල් මිලියන 96.5 කි. මේ වනවිට සමාගමේ ව්‍යාපාරික කටයුතුවලින් රුපියල් බිලියන 22 ක් පමණ මුදලක් විදුලිබල මණ්ඩලයට ඔවුන්ගේ ආයෝජනයට ගෙවන ප්‍රතිලාභ ලෙස ලාභාංශ ගෙවා ඇත. මීට අතිරේකව රජයට බදු ලෙස රුපියල් බිලියන 15 ක් පමණ ගෙවා ඇත. මෙසේ වටිනා ජාතික සම්පතක් ලෙස ක්‍රියා කරන එල්.ටී.එල්. සමාගම් ජාලයට එරෙහිව මතු කරන විවේචනයන් ගැන ද සඳහන් කිරීමක් කිරීම අවශ්‍ය වේ. ප්‍රධාන වශයෙන් එල්.ටී.එල්. සමාගම් ජාලය ගැන විවේචනය ගෙන එන කණ්ඩායම් කීපයකි: ඉන් එක් කණ්ඩායමක් එල්.ටී.එල්. සමාගමේ සේවකයන්ට කොටස් අයිතිය ලබා දීමට පෙර එහි සේවය කර ඉවත්වූවන් ය. තව කණ්ඩායමක් එල්.ටී.එල්. සමාගමේ කොටස් අයිතිය සේවකයන්ට ලබා දුන් පසුවත් සේවය කර, සේවකයන්ට ලාභාංශ බෙදීම ආරම්භ කිරීමට පෙර (එනම් ලාභාංශවලින් ණය ගෙවීම කරන කාලයේ) ඉවත් වූවන් ය. තව කණ්ඩායමක් වන්නේ එල්.ටී.එල්. සමාගමේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවලට බඳවාගෙන සේවය කර, ව්‍යාපෘති අවසානයේ සේවය අවසන් වූ පිරිස් ය.
මෙකී කණ්ඩායම් කවුරුත් එල්.ටී.එල්. සමාගමේ සේවකයන් සඳහා ඔවුන්ගේ කොටස් අයිතිය වෙනුවෙන් 2012 න් පමණ පසුව ලැබෙන ලාභාංශ තමන්ට නොමැති වීම නිසා, එය තමන්ටත් හිමිය යන අදහස ඇතිව සටනට බැස සිටිති. සමාගමේ ප්‍රතිලාභ තමන්ට ලැබෙන්නේ සමාගමේ සේවය කරන කාලය තුළදී පමණකි යන යථාර්ථය ඔවුහු පිළි නොගනිති. ඔවුන්ගේ තර්ක විතර්ක වලින් මංමුලා වී සිටින දේශපාලනඥයන් පිරිසකගේ සහය ද ඒ සටනට ලැබී ඇත. මේ සටන කරලියට ගෙන එන දේශපාලනඥයන් නගන ප්‍රධාන තර්ක කිහිපයකි: එල්.ටී.එල්. යනු පෞද්ගලික සමාගමක් නොවේ. එය රජයට අයත් සමාගමක් බැවින් එහි කොටස් අයිතියක් සේවකයන් විසින් ලබා ගැනීම වරදකි යන්න ඔවුන් නගන එක තර්කයකි. රජයට හිමිකාරීත්වය කෙලින්ම තිබුණු ටෙලිකොම් සමාගමේ කොටස් යම් ප්‍රමාණයක් සේවකයන්ට ලබා දුන්නේ එම සමාගම පුද්ගලික අංශයට ලබා දුන් අවස්ථාවේදී ය. දැනට ද රජයට බහුතර කොටස් ප්‍රමාණයක් හිමි ටෙලිකොම් සමාගමේ කොටස් ලක්ෂ හතළිස් හයක හිමිකරුවන් වන්නේ එහි සේවකයන් ය. ඊළඟට එන්.ඩී.බී. බැංකුව හා ඩී.එෆ්.සී.සී. බැංකුවේ කොටස්වලින් 10% බැගින් සේවකයන් සඳහා ලබා දුන්නේ පුද්ගලීකරණය කරන අවස්ථාවේදී ය. එසේම රජය සතු වැවිලි සමාගම් බොහොමයක් ඒවායේ සේවකයන් සඳහා යම් ප්‍රමාණයක කොටස් අයිතිය ලබා දී ඇත. එමෙන්ම මේ රාජ්‍ය සමාගම් හැම එකකම පාහේ කොටස් අයිතිය සේවකයන්ට ලබා දී ඇත්තේ නොමිලයේ ය. එල්.ටී.එල්. සමාගම එසේ නොමිලේ කොටස් ලබා දී කොටස් වටිනාකම හෑල්ලු නොකර, නිර්මාණශීලී ක්‍රමවේදයක් අනුගමනය කර සමාගමට පාඩුවක් නොවන අන්දමට මෙන්ම සේවකයන්ටත් පහසුවක් වන අන්දමට මුදලට කොටස් ලබා දී ඇත. එම නිසා එල්.ටී.එල්. සමාගම එහි සේවකයන්ට මුදලට කොටස් ලබා දීම ගැන විවේචනය කරන දේශපාලනඥයන් ඇතුළු පිරිස් එසේ කරන්නේ මේ කොටස් සේවකයන්ට ලබා දීම වැරදි නිසා හෝ එසේ කොටස් අයිතිය සේවකයන්ට ලබා දීමට අනුගමනය කළ ක්‍රමයෙන් රජයට පාඩුවක් සිදු වූ නිසා නොවේ. ඊළඟ තර්කය වන්නේ, මෙම සේවක කොටස් ප්‍රමාණයේ 27% ක කොටස සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සේවකයන් පහළොස් දෙනකු අතට ලබාගෙන ඇත යන චෝදනාවයි. සේවකයන් වෙනුවෙන් කොටස් හිමිකාරීත්වය දරණ සමාගම් දෙකම කොටස් වෙනුවෙන් සිය සාමාජිකයන් වන එල්.ටී.එල්. සේවකයන්ට ප්‍රතිලාභ ලබා දෙන්නේ ඔවුන්ගේ කාර්ය සාධනයට අනුරූපව සකස් කරගත් සූත්‍රයක් මත පදනම්ව ය. එහිදී වැඩි කාර්ය සාධනයක් සපයන සේවකයන් සඳහා වැඩි ප්‍රතිලාභ ගෙවීම සිදු වේ. විදුලිය හා බලශක්ති අංශයේ සමාගමක් වන එල්.ටී.එල්. සමාගමේ ඉංජිනේරුමය කාර්ය මණ්ඩලය වැඩි දායකත්වයක් සමාගමේ කාර්ය සාධනයට ලබා දීම පුදුමයක් නොවේ. ඒ අනුව, කොටස් හිමිකාරීත්වයට ලැබෙන ප්‍රතිලාභ සාපේක්ෂව වැඩියෙන් ඉහළ කාර්ය සාධනයක් සහිත වගකීම් දරන්නන්ට ලැබීම වරදක් නොවේ. ඊළඟට දේශපාලනඥයන් පෙන්වන්නේ රාජ්‍ය සමාගමක් වන මේ සමාගම විගණනය කිරීමට විගණකාධිපති විසින් කළ යුතුය යන තර්කයයි. මෙහිදී මේ දේශපාලනඥයන් මේ සමාගමේ සේවකයන්ගේ කොටස් අයිතිය යොදා ගනිමින් බරපතල ලෙස හොරකම් කරන නිසා විගණකාධිපතිවරයාට විගණනයට ඉඩ නොදෙන බවට තිශය වැරදි අදහසක් සමාජගත කරවීමට උත්සාහ කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විගණකාධිපතිවරයාට විගණනය පැවරී ඇත්තේ රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා, ජනාධිපති, අගමැති කාර්යාල, රාජ්‍ය සංස්ථා හා රජය සතු කොටස් අයිතිය 50% හෝ ඊට වැඩි සමාගම් ය. මේ නීතිමය තත්ත්වය පැහැදිලිව තහවුරු වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වන සංශෝධනයෙනි. ඊට පෙර එල්.ටී.එල්. සමාගමේ විගණන කටයුතු සඳහන් විගණකාධිපතිවරයා යෙදීම තහනම් කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් සක්‍රීයව තිබුණ බවත් පැවසේ. විසි වන සංශෝධනයෙන් පසුව විගණකාධිපතිවරයාට විගණනයට සම්බන්ධ වීමට බලය පැවරීම අනුමත කිරීමට සමාගම කැඳවූ කොටස්කරුවන්ගේ විශේෂ මහ සභා රැස්වීම තහනම් කරමින් අධිකරණයෙන් අතුරු නියෝගයක් හෝ වාරණයක් නිකුත් කර තිබූ බව ද දැන ගන්නට ඇත. අනතුරුව 2024 වර්ෂයේදී ලංකා විදුලිබල මණ්ඩලය සතුව තිබූ එල්.ටී.එල්. සමාගමේ 63% ක කොටස් ප්‍රමාණයෙන් 28% ක් වෙස්ට් කෝස්ට් නම් රජයේ කොටස් සහිත සමාගමට පවරා දීම නිසා, විගණකාධිපතිවරයා විසින් විගණනය කළ යුතු යැයි ව්‍යවස්ථාවේ සඳහන් රජයට, රාජ්‍ය සංස්ථාවකට හෝ පළාත් පාලන ආයතනයකට 50% ට වඩා කොටස් හිමි සමාගම් යන වර්ගීකරණයෙන් එල්.ටී.එල්. සමාගම ඉවත් විය. ඒ අනුව දැන් එල්.ටී.එල්. සමාගම යනු සමාගම් පණත යටතේ විගණනය වන සමාගමකි. රටේ ලියාපදිංචි සියලුම පෞද්ගලික, පොදු සමාගම් විගණනය කිරීම වරලත් විගණකවරුන්ගේ සමාගම් හරහා සිදු වෙයි. මෙම වරලත් විගණක සමාගම් විසින් සිදු කරන විගණනයන් ද ශ්‍රී ලංකාවේ නීතිය අනුව ගිණුම් හා මූල්‍ය ප්‍රමිතීන්ට අදාළව සිදු කරන අතර, ඒවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ද අනුරූපී වෙයි. එල්.ටී.එල්. සමාගම ජාත්‍යන්තර ටෙන්ඩර්වලදී මූල්‍ය ශක්තිය තහවුරු කර දක්වන්නේ මෙසේ පිළිගත් විගණකවරුන් විසින් කරන ලද විගණනයන්ගෙන් තහවුරු කළ මූල්‍ය ප්‍රකාශයන් මගිනි.
රජයට බිලියන සිය ගණනක් පාඩු කරමින් පවත්වාගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඒකාබද්ධ අරමුදලෙන් බිලියන 20 ලබාදීමට අයවැයෙන් යෝජනා කරද්දී “මුඛ පූට්ටු වී” අත ඉස්සූ දේශපාලනඥයන් ඉන් රුපියල් බිලියන හතහමාරක් මේ වසරේත් පාඩුව ලෙස මකර කටට යවද්දී නිහඬව සිටින අතර, රජයට බිලියන ගණන් බදු ගෙවමින්, කොටස් හිමි රාජ්‍ය ආයතනවලට බිලියන ගණනක් ලාභාංශ ගෙවන එල්. ටී. එල්. සමාගමට විගණකාධිපතිවරයා විගණනය කර නැතැයි නිර්දය ලෙස විවේචනය කරන්නේ තමන්ගේ මනස තුළ හොල්මන් කරන ඊනියා “සමාජවාදයේ අවතාර”වලින් ගැලවීමට අකමැති බැවිනි.
මෙසේ ඉතා පැහැදිලි නීතිමය තත්ත්වයක් තිබියදී විගණකාධිපතිවරයා ලවා එල්.ටී.එල්. සමාගම විගණනය කිරීමට කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරන දේශපාලනඥයන්, විගණකාධිපතිවරයා විසින් විගණනය කරනු ලබන රජය සතු සම්පූර්ණ හිමිකාරීත්වය ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන කියන්නේ කුමක්දැයි විමසිය යුතු ය. රජයට බිලියන සිය ගණනක් පාඩු කරමින් පවත්වාගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඒකාබද්ධ අරමුදලෙන් බිලියන 20 ලබාදීමට අයවැයෙන් යෝජනා කරද්දී “මුඛ පූට්ටු වී” අත ඉස්සූ දේශපාලනඥයන් ඉන් රුපියල් බිලියන හතහමාරක් මේ වසරේත් පාඩුව ලෙස මකර කටට යවද්දී නිහඬව සිටින අතර, රජයට බිලියන ගණන් බදු ගෙවමින්, කොටස් හිමි රාජ්‍ය ආයතනවලට බිලියන ගණනක් ලාභාංශ ගෙවන එල්.ටී.එල්. සමාගමට විගණකාධිපතිවරයා විගණනය කර නැතැයි නිර්දය ලෙස විවේචනය කරන්නේ තමන්ගේ මනස තුළ හොල්මන් කරන ඊනියා “සමාජවාදයේ අවතාර”වලින් ගැලවීමට අකමැති බැවිනි.
රටේ මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයා රාජ්‍ය ව්‍යවසාය මොඩලයේ අසාර්ථකත්වය පුන පුනා ප්‍රසිද්ධියේ පෙන්වා දෙද්දී, ඔහුගේ ගෝල බාලයෝ ඊට විරුද්ධ මත පළ කරමින් සාර්ථක සමාගමක් අසාර්ථක රාජ්‍ය ව්‍යවසාය මොඩලයට කොටු කරන්න දත කන්නේ මෝඩකම හෝ උද්ධච්චකම නැත්නම් ඒ දෙකම නිසා විය යුතුය.
රටේ මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයා රාජ්‍ය ව්‍යවසාය මොඩලයේ අසාර්ථකත්වය පුන පුනා ප්‍රසිද්ධියේ පෙන්වා දෙද්දී, ඔහුගේ ගෝල බාලයෝ ඊට විරුද්ධ මත පළ කරමින් සාර්ථක සමාගමක් අසාර්ථක රාජ්‍ය ව්‍යවසාය මොඩලයට කොටු කරන්න දත කන්නේ මෝඩකම හෝ උද්ධච්චකම නැත්නම් ඒ දෙකම නිසා විය යුතුය. එල්.ටී.එල්. සමාගමේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ සමාගමේ සේවකයන් සිය නිර්මාණශීලී හැකියාවන් භාවිතා කරමින් අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව තමන් සේවය කරන සමාගමේ දියුණුව උදෙසා කටයුතු කිරීම ය. ඒ සඳහා සමාගම අවස්ථානුකූල සුදුසු තීරණ නීතිමය රාමුව තුළ ගනිමින්, දක්ෂ ලෙස තම සේවකයන් පාලනයට ද සම්බන්ධ කර ගනිමින් ඉහළම අභිප්‍රේරණයක් ඔවුන්ට ලබාදීමට ක්‍රියා කර ඇත. මේ තුළින් අසාර්ථක රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය සඳහා ද ආදර්ශමත් කළමනාකරණ මොඩලයක් ඇති කිරීමට එල්.ටී.එල්. සමාගම සමත් වී ඇත. එමෙන්ම ශ්‍රී ලාංකීය විදුලි හා බලශක්ති ක්ෂේත්‍රයට ජාත්‍යන්තර මට්ටමේ සමාගම් සමඟ තරඟ කළ හැකි දේශීය සමාගමක දායකත්වය තහවුරු කර ගැනීමටත්, කලාපීය හා ඉන් බැහැරව ද විදුලි හා බලශක්ති ක්ෂේත්‍රයන්ට රටක් ලෙස ශ්‍රී ලංකාවේ දායකත්වය ලබාදෙමින් රටට කීර්තියක් අත්කර ගැනීමේ අවස්ථාව ද හිමිකර ගැනීමට හැකියාව ලැබී ඇත.
මේ සියල්ල කළ හැකි වූයේ විදේශීය සමාගමක් සතුව තිබූ තාක්ෂණික හැකියාවන් මැනවින් ග්‍රහණය කරගෙන, එම විදේශීය සමාගමේ හිමිකාරීත්වය ද වෙනත් විදේශීය ආයතනයකට අත්කර ගන්නට නොදී, උපායශීලීව ක්‍රියා කරමින් දේශීය විදුලි හා බලශක්ති ක්ෂේත්‍රයන්හි ස්වාධීනත්වය රටට ලබාදීමට කටයුතු කරමින්, ජාත්‍යන්තර විදුලි බල ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකීය සන්නාමය බවට පත්ව ඇති එල්.ටී.එල්. හෝල්ඩිංස් සමාගම හා එහි නිර්මාණශීලී දක්ෂ කාර්ය මණ්ඩලය නිසා ය. රජයක් ලෙසත්, ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙසත් අප ඔවුන් දිරි ගන්වනවා මිස විවේචනයට ලක් කිරීම නුසුදුසු බව මගේ අදහසයි.
සුනිල් කන්නන්ගර, කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති