වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මෙරටට අලුතින් විදේශ ආයෝජන ලැබීම අඩු වී ඇති බවත් මෙම වසරේ ලැබී ඇතැයි කියන ඩොලර් මිලියන 823 න් සියයට 67 ක් පසුගිය කාලයේ ගිවිසුම් වලින් ලැබී ඇති බවත් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.කොළඹ වරාය සඳහා අදානී සමාගමේ 2021 වසරේ ගිවිසුම යටතේ මිලියන 229 ක් , මෙල්කෝ කැසිනෝ 2024 ගිවිසුමෙන් මිලියන 85 ක් ,ඉන්දියානු එපාර්ට්මන්ට් මිලියන 47 ක් , මිචෙලින් සහ සියැට් කොටස් ගනුදෙනුවෙන් මිලියන 83 ක් එයට ඇතුළත් බව ද ඒ මහතා කියයි.එමෙන්ම 2017 වර්ෂයේ මෙරටට ලැබුණු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 1910 ක් සහ 2018 දී මිලියන 2139 ක් ලැබී ඇති බවත් පවසන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඒ අනුව බලන විට වර්තමානයේ පවත්නා විදේශ ආයෝජන අඩු වීම විශේෂයෙන් කැපී පෙනෙන බව ද පවසයි.