පාසල් පවත්වන කාල සීමාව පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීම ඇතුළු රජය විසින් ගැනීමට තීරණය කොට ඇති ප්‍රමිතිගත නොවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්නා ලෙස රජයට බලකරමින් ලබන මස 12 වැනිදා ගුරු වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට යයි
මෙම වැඩ වර්ජනය වෘත්තීය සමිති රැසක සහභාගගීත්වයෙන් දිවයිනම ආවරණය වන පරිදි සිදුකිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.යෝජිත රජයේ යෝජනාවලියට, රජයට සහාය පළකරන වෘත්තීය සමිති පවා දැනටමත් අකැමැත්ත ප්‍රකාශ කර ඇති බවද, මෙකී තත්ත්වයන් ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වමින් රජය මේ වනවිටත් දීර්ඝ කෙරෙන නව පාසල් කාලය සැලකිල්ලට ගනිමින් කාලසටහන් පවා සකස්කර ඇතැයිද සුමංගල හිමියෝ කියති.පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන රජය නම්‍යශීලී ප්රතිපත්තියකට අවතීර්ණ නොවුණහොත් ලබන මස 12 වැනි දිනෙන් පසුවද තමන් දිගටම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවද සුමංගල හිමියෝ අවධාරණය කරති.පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ මෙම කරුණු අනාවරණය කළේ අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ය.