ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදු වී ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රන් මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ඊයේ (25) වන විට ලෝක රන් මිල ඩොලර් 4,150ක් ලෙස ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙයි.
මෙරට රන් මිල ද (24) දිනට සාපේක්ෂව රුපියල් 6,000කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ඊයේ(25) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ‘කැරට් 22’ රන් පවුමක් මිල සටහන් වුණේ රුපියල් 309,200ක් ලෙසයි.
මේ අතර ඊයේ දිනයේදී රුපියල් 330,000ක් ලෙස පැවති ‘කැරට් 24’ රන් පවුමක මිල ඊයේ (25) වන විට රු. 336,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙයි.