රජාංගනය ජලාශයේ වාන් දොරටු 14 ම විවෘත කෙරේ

රජාංගනය ජලාශය වාන් දොරටු 14  ම මේ වන විට විවෘත කොට කිබෙේ. එයින් වාන් දොරටු 12 ක් අඩි 6  බැගින්ද වාන් දොරටු දෙකක් අඩි 4  බැගින්ද විවෘත කිරීමටයි ජලාශය භාර ඉංජිනේරුවන් කටයුතු කර ඇත.
මෙයින් තත්පරේට ගණ අඩි 18548ක ජල ධාරිතාවක් කලාඔයට මුදා  හැරෙයි. අංගම ජලාශයද මේ වන විට වාන් දොරටු 2 ක් විවෘත කර ඇති අතර,  ඉන් තත්පරේට ගණ අඩි 3286ක ජලධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බවයි වාර්තා වෙයි.
පවතින අධික වර්ෂාව හේතුකොටගෙන වාන් දොරටු නැවතත් වැඩි කිරීමට සිදුවීමට ඉඩ ඇති බවයි රාජාංගනය ජලාශය භාර වාරි ඉංජිනේරු මහතා ප්‍රකාශ කරයි.
කාලීන පුවත්