පාර්ලි­මේන්තු විශේෂ රැස්වී­මක් 18දා

ලබන 18 වැනිදා බ්‍රහ­ස්ප­තින්දා විශේෂ පාර්ලි­මේන්තු රැස්වී­මක් කැඳවා තිබේ.කථා­නා­ය­ක­ව­රයා විසින් නිකුත් කරන ලද අති­වි­ශේෂ ගැසට් නිවේ­ද­න­යෙන් මේ බව ප්‍රකා­ශ­යට පත්කර ඇතැයි පාර්ලි­මේන්තු සන්නි­වේ­දන අංශය පව­සයි.

ඒ අනුව එදින පාර්ලි­මේ­න්තුව පෙර­වරු 9.30ට රැස් වෙන අතර, එම රැස්වී­මට සහ­භාගි වන ලෙස කථා­නා­ය­ක­ව­රයා විසින් සිය­ලුම පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට දැනුම් දී තිබේ.

ආපදා තත්ත්වය හේතු­වෙන් විප­තට පත් ජන­තා­වට සහන සැල­සීම සහ විනාශ වූ යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය වෙනු­වෙන් අවශ්‍ය අති­රේක ප්‍රති­පා­දන අනු­මත කර ගැනී­මට පරි­පූ­රක ඇස්ත­මේ­න්තුව අනු­මත කිරීම එදින සිදු කිරී­මට නිය­මි­තව ඇත. 2026 අය-වැය ලේඛ­නය සම්මත කිරී­මෙන් අන­තු­රුව පාර්ලි­මේ­න්තුව එළැ­ඹෙන ජන­වාරි මස 06 වැනිදා දක්වා කල් තැබිණි.

කාලීන පුවත්