මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම සංවිධානය සඳහන් කළේ හෙට (19) අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් වලංගු වන බවයි.
අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)
මහනුවර දිස්ත්රික්කය
දොළුව
උඩුදුම්බර
මැදදුම්බර
නුවරඑළිය දිස්ත්රික්කය
වලපනේ
හගුරන්කෙත
නිල්දණ්ඩාහින්න
මතුරට