මාර්ග 13ක ගමනාගමන කටයුතු තවදුරටත් අඩාලයි

දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා වලින් හානි වූ මාර්ග 13ක ගමනාගමන කටයුතු තවදුරටත් අඩාල වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.මධ්‍යම පළාතේ මාර්ග 09 ක් එහි අධ්‍යක්ෂ ජනරාල් විමල් කන්ඩම්බි සඳහන් කරයි.

ඌව පළාතේ එක් මාර්ගයක්, උතුරු පළාතේ මාර්ග 02 ක් සහ වයඹ පළාතේ එක් මාර්ගයක ගමනා ගමනය අඩාල වී ඇති බව ඔහු සඳහන් කරයි. ඇතැම් මාර්ග වල පාලම් අලුත්වැඩියා කිරීමට ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශකරන ලදි.

මේ වන විට බොහෝ මාර්ගවල අඹලන්ව පැවැති පාලම් අලුත්වැඩියා කර රථවාහන ධාවනයට පහසුකම් සලසා තිබේ.

කාලීන පුවත්