
මේ වනවිට ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ඇමරිකානු ව්‍යවසායකයකු වන ඊලෝන් මස්ක් ය. ඔහු විදුලි මෝටර් රථ නිශ්පාදනය, අභ්‍යවකාශ ගවේෂණය, සන්නිවේදනය, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වැනි ක්ෂේත්රවල ව්‍යාපාරික කටයුතුවල නිරත වෙයි.
මේ වනවිට 54 වැනි වියේ පසුවන මෙම අපූරු ව්‍යවසායකයා ගැන පසුගිය දිනවල පළවූ අලුත්ම පුවතකින් පැවසුණේ ඔහු සිය ධනවත්කම අතින් තවත් වාර්තාවක් පිහිටුවා ඇති බව යි. ඔහුගේ ශුද්ධ වත්කම දැන් ඇමරිකානු ඩොලර් බිලියන 600 සීමාව පසු කර ඇති අතර මෙම සීමාව පසුකර ගිය පළමු පුද්ගලයා ලෙස මස්ක් වාර්තා පොතට එක් විය.
මස්ක් ගේ වත්කම පසුගිය දිනවල ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර එයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ ඔහුට අයත් SpaceX නැමැති සමාගමේ වටිනාකම ඉහළ යාම යි. මේ වනවිට මෙම සමාගමේ වටිනාකම ඇ.ඩොලර් බිලියන 800 ක් බව සඳහන් වේ. SpaceX සමාගමේ කොටස්වලින් සියයට 42 ක් අයත්වන්නේ මස්ක්ට යි. මෙම සමාගම ප්‍රධාන වශයෙන්ම අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ කටයුතු කරන්නකි.
මෙම සටහන ලියන අවස්ථාව වෙද්දී ඔහුගේ ශුද්ධ වත්කම සටහන් වූයේ ඇ. ඩොලර් බිලියන 632 ක් ලෙසිනි. මෙය ලංකා රුපියල්වලින් ගණන් බැලුවහොත් ට්‍රිලියන 195 කට ආසන්න වත්කමකි. (ට්‍රිලියනයක් යනු බිලියන 1,000 කි. කෝටි ලක්ෂයකි.මේ අනුව ඊලෝන් මස්ක් ගේ වත්කම ගැන අදහසක් ඇති කරගත හැකිය.)
ශුද්ධ වත්කම ලෙස සැලකෙන්නේ කෙනෙකුගේ දේපල වැනි වත්කම්වල වටිනාකමෙන් එම පුද්ගලයා ගෙවීමට ඇති ණය වැනි වගකීම්වල අගය අඩු කළ විට ලැබෙන ශුද්ධ අගය යි.

මස්ක් ගේ වත්කම පසුගිය දිනවල ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර එයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ ඔහුට අයත් SpaceX නැමැති සමාගමේ වටිනාකම ඉහළ යාම යි. මේ වනවිට මෙම සමාගමේ වටිනාකම ඇ.ඩොලර් බිලියන 800 ක් බව සඳහන් වේ. SpaceX සමාගමේ කොටස්වලින් සියයට 42 ක් අයත්වන්නේ මස්ක්ට යි. මෙම සමාගම ප්‍රධාන වශයෙන්ම අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ කටයුතු කරන්නකි.
දෙසැම්බර් 18 වැනි දින වනවිට ලෝකයේ ධනවත්ම පුද්ගලයන් පිලිබඳ ලැයිස්තුවේ දෙවැනි තැන පසුවූයේ ලැරී පේජ් ය. ඔහු වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ ගූගල් සමාගමේ සම ආරම්භකයකු වශයෙනි.
1998 වසරේ ගූගල් සමාගම ආරම්භ කරන ලද්දේ පේජ් සහ සර්ගේ බි්රන් විසිනි.
18 වැනි දින ලැරී පේජ් ගේ ශුද්ධ වත්කම සටහන්ව තිබුණේ ඇ. ඩොලර් බිලියන 256 ක් (ලංකා රුපියල් ටි්රලියන 80 ක් පමණ) වශයෙනි. ඒ වනවිට මස්ක් ගේ වත්කම පේජ් ගේ වත්කමට වඩා ඇ. ඩොලර් බිලියන 376 කින් පමණ වැඩි විය.
ඉහත සඳහන් කළ SpaceX සමාගමට අමතරව මස්ක් තවත් සමාගම් කිහිපයම කොටස් හිමිකාරයෙකි. ටෙස්ලා නැමැති විදුලි මෝටර් රථ සමාගම ද, xAI නැමැති කෘත්‍රිම බුද්ධි සමාගම ද ඒ අතරින් ප්‍රධානත්වයක් ගනියි.
මේවායින් ද ඔහු විශාල වශයෙන් ආදායම් උපයන අතර වැඩිකල් නොගොස් ඔහුගේ ශුද්ධ වත්කම ඇ. ඩොලර් බිලියන 1,000 හෙවත් ට්‍රිලියනයේ සීමාව පසුකර යනු ඇති බව විශ්වාස කෙරේ.
ඊලෝන් මස්ක් කෙතරම් ධනවතෙකු වුවත් ඔහු තරමක් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නෙකු ලෙස ද සැලකේ. කැලිෆෝනියා වැනි ප්‍රාන්තවල ඉතා වටිනා සුඛෝපභෝගී මන්දිර කිහිපයක් පසුගිය කාලයේ ඔහු සතුව තිබුණත් මස්ක් ඒ බොහොමයක් විකුණා දැමුවේය. ඇ. ඩොලර් මිලියන 17 කට (ලංකා රුපියල් කෝටි 520 කට පමණ) මිල දී ගත් මන්දිරයක් ද ඒ අතර විය. නිදන කාමර 7 ක්, නාන කාමර 13 ක්, වයින් ගබඩාවක්, ටෙනිස් පිටියක්, පිහිනුම් තටාක ආදිය එහි තිබූ බව පැවසේ.
මෙවැනි තවත් ඉතා වටිනා මන්දිර කිහිපයක්ම ඔහු විසින් විකුණා දමන ලදී. තමාට සිතේ නිදහසක් අවශ්‍ය බවත්, භෞතික දේවල් අඩුවෙන් තබා ගැනීමට කැමැති බවත් වරක් මස්ක් සඳහන් කර තිබිණි. දැන් ඔහු තමාගේ ප්‍රධාන නිවහන ලෙස සලකන්නේ සාපේක්ෂ වශයෙන් කුඩා නිවසකි. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටා ඇති එහි වටිනාකම ඇ. ඩොලර් 45,000 ක් පමණ බව සඳහන් වේ.
මෙය පිහිටා ඇත්තේ රොකට් අත් හදා බලන මධ්‍යස්ථානයක් ආසන්නයේ යි. මෙම මධ්‍යස්ථානය SpaceX අභ්‍යවකාශ සමාගමට අයත් එකකි. මස්ක් වැඩි කාලයක් ගත කරන්නේ ඔහුගේ ව්‍යාපාරික ස්ථානවල ය.

SpaceX සමාගම මස්ක්ට අයත් ප්‍රධානම සමාගමකි. අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ කටයුතු කරන එය ඉතා දියුණු අභ්‍යවකාශ යානා නිශ්පාදනය කිරීම සම්බන්ධයෙන් ද ප්‍රසිද්ධියක් දිනා සිටියි. ඇමරිකාවේ නාසා ආයතනය තව වසර කිහිපයකින් මිනිසුන් සඳ වෙත යැවීමට සැලසුම් කර ඇති අතර එම චාරිකාවේ දී අජටාකාශගාමීන් සඳ මත ගොඩ බසින චන්ද්‍ර යානය තැනීමේ කොන්ත්‍රාත්තුව භාර දී තිබුණේ SpaceX සමාගමට යි.
මස්ක්ගේ පියා ඉංජිනේරුවකු වූ අතර ව්‍යාපාරික කටයුතුවල ද නිරත විය. ඔහුගේ මව ආහාරවේදිනියක ලෙසත්, නිරූපන ශිල්පිනියක ලෙසත් කටයුතු කළ කෙනෙකි. කෙසේ වෙතත් 1979 වසරේ එරල් සහ මායේ එකිනෙකාගෙන් දික්කසාද වූහ. ඒ වනවිට මස්ක් ගේ වයස අවුරුදු 9 ක් පමණක් විය.මව්පියන් දික්කසාද වීමෙන් පසු මස්ක් සිය පියා සමග ජීවත් වීමට තෝරාගෙන තිබිණි. ඔහුගේ සෙසු සහෝදර සහෝදරියන් මව සමග ජීවත් වෙද්දී මස්ක් පියා සමග ජීවත් වීමට තීරණය කර තිබුණේ ඔහු සතුව Encyclopedia Britannica විශ්වකෝෂය සහ පරිගණකයක් තිබීම නිසාය. කෙසේ නමුත් පියා සමග ජීවත් වීමට ගත් තීරණය ගැන මස්ක් පසුව පසුතැවිලි වී තිබිණි.
මේ වනවිට ඇමරිකාව තුළ ව්‍යාපාරික කටයුතුවල නිරත වුවත් මස්ක් උපත ලැබුවේ දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නැමැති ප්‍රදේශයේ යි. ඔහුගේ පියා එරල් දකුණු අප්‍රිකානු ජාතිකයකු වන අතර මව මායේ කැනඩාවේ උපන් කෙනෙකි. මුදල් හදල් අතින් ඔවුන් යහපත් තත්වයට සිටි පවුලක් බව සඳහන් වේ.
මස්ක්ගේ පියා ඉංජිනේරුවකු වූ අතර ව්‍යාපාරික කටයුතුවල ද නිරත විය. ඔහුගේ මව ආහාරවේදිනියක ලෙසත්, නිරූපන ශිල්පිනියක ලෙසත් කටයුතු කළ කෙනෙකි. කෙසේ වෙතත් 1979 වසරේ එරල් සහ මායේ එකිනෙකාගෙන් දික්කසාද වූහ. ඒ වනවිට මස්ක් ගේ වයස අවුරුදු 9 ක් පමණක් විය.
මව්පියන් දික්කසාද වීමෙන් පසු මස්ක් සිය පියා සමග ජීවත් වීමට තෝරාගෙන තිබිණි. ඔහුගේ සෙසු සහෝදර සහෝදරියන් මව සමග ජීවත් වෙද්දී මස්ක් පියා සමග ජීවත් වීමට තීරණය කර තිබුණේ ඔහු සතුව Encyclopedia Britannica විශ්වකෝෂය සහ පරිගණකයක් තිබීම නිසාය. කෙසේ නමුත් පියා සමග ජීවත් වීමට ගත් තීරණය ගැන මස්ක් පසුව පසුතැවිලි වී තිබිණි.
ඊලෝන් මස්ක් ඇමරිකානු පුරවැසියකු බවට පත් වූයේ 2002 වසරේ යි.
නිහාල් පීරිස්