EPF සේවාවන් අද සිට ඩිජිටල්කරණය වෙයි

සේවක අර්ධසාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණ ක්‍රියාවලිය යටතේ ආයතන සහ සාමාජිකයන් මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීම ආරම්භ කර තිබේ.

ඉදිරියට එම සේවාවන් මාර්ගගතව සිදු කරන බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සමාරම්භක අවස්ථාවට කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්. එම් පියතිස්ස ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙන බවයි වාර්තා වෙයි.

කාලීන පුවත්