මේ නිදහස් සෞඛ්‍ය සේවයේ අවසානයද? – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

නව වසර උදාවත් සමඟම “විප්ලවීය” කැබිනට් තීරණ දෙකක් එළිදක්වා ඇත. හයේ පොතේ අසභ්‍ය වෙබ් අඩවිය, අහිංසකාවියකට අපහාස කිරීම, මිහින්තලේ වනචාරියා කවුරුන්දැයි සෙවීම වැනි මහා මාතෘකා මධ්‍යයේ 2026.01.05 දින කැබිනට් තීරණ දැනුම්දීමේ පත්‍රිකාවේ අංක 04 වැනි හා අංක 05 වැනි තීරණ කිසිවෙකුගේ අවධානයට යොමු නොවීය. එසේ අවධානයට යොමුවුවත්, ඒවායේ අන්තර්ගතයේ බැරෑරුම්කම අවබෝධ කර ගැනීම සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ යම් දැනුමක් නැතිව අපහසුය. දැන් සිදුවෙමින් පවතින සිදුවීම් දෙස බලනවිට මේ තීරණ ඒ කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කළ අය පවා එහි බැරෑරුම්කම වටහාගෙන නොතිබුණේ නම් පුදුමයක් නොවේ. මේ ලිපියෙන් පසු සිදුවීමට ඉඩ ඇත්තේ මේ තීරණය කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කළේ කවුරුන්දැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා රහස් පොලිසියට පැමිණිල්ලක් කිරීමයි.

බැලූ බැල්මට ජනතා සුවසෙත සඳහා ගනු ලැබ ඇතැයි වැටහීමට ඉඩ ඇති මේ තීරණ දෙකෙහි මුල් තීරණය රජයේ රෝහල්වල සිදුවන රෝග පරීක්ෂණ පිළිබඳවයි. මෙයට අනුව සී.ටී. ස්කෑනර්, එම්.ආර්.අයි. ස්කෑනර්, ඇන්ජියෝග්‍රැෆි යන්ත්‍ර මිලදී ගැනීමට හා හෘද රෝග චිකිත්සක ඒකක, ස්වයංක්‍රීය රුධිර පරීක්ෂණ ඒකක පිහිටුවීම සඳහා රජයට අරමුදල් හිඟයක් ඇත. එසේම මේ උපකරණ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ වැඩිය. එනිසා මේ පහසුකම් රජයේ රෝහල්වල හිඟවීම හේතුකොට ගෙන, රජයේ රෝහල්වල පරීක්ෂණ සිදුකිරීමේදී ප්‍රමාදයන් සිදුවේ. මෙයට විසඳුමක් ලෙස මේ පරීක්ෂණ පුද්ගලික අංශය විසින් සපයනු ලබන යන්ත්‍ර හෝ ඒකක මගින් සිදුකොට, ඒ සඳහා ගෙවීම් රජය විසින් පුද්ගලික අංශයට කරනු ඇත. මේ ගෙවීම් සිදුකරනු ඇත්තේ පිළිගත් ක්‍රියාපටිපාටියක් ඔස්සේය. මෙය රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්ව මූලධර්මය තුළ සිදුකෙරෙනු ඇත.

විප්ලවීය තීරණ

දෙවැනි තීරණය දැනට රජයේ රෝහල් 80ක ඇති වකුගඩු රෝග සඳහා වන කාන්දුකරණ ඒකක පිළිබඳවයි. මින් ඉදිරියට කාන්දුකරණ යන්ත්‍ර සැපයීමේ සිට, ඒ යන්ත්‍රවලට අවශ්‍ය උපාංග සැපයීම, කාන්දුකරණ දියර මිලදී ගැනීම දක්වා සියලු කටයුතු පුද්ගලික අංශය විසින් සිදුකරනු ලැබේ. මෙහිදී මේවාට මූල්‍යමය ආයෝජනය ද, ඒවා පවත්වාගෙන යාම ද පුද්ගලික අංශය විසින් කරනු ලබන අතර, රජය විසින් ඒ ඒකක පවත්වාගෙන යාමට යටිතල පහසුකම් හා සායනික උපදේශක සේවාවන් සපයනු ලැබේ. රජය පුද්ගලික අංශයෙන් සපයන සේවාවන් සඳහා පුද්ගලික අංශයට ගෙවීම් කරනු ඇත. මෙය ද රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්ව මූලධර්මය තුළ සිදුකෙරෙනු ඇත.

කැබිනට් අනුමැතිය ලද මේ යෝජනාවල මෙතෙක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය පැවති දිශානතිය මුළුමනින්ම වෙනස් කෙරෙන භයානක මූලධර්මයන් ගැබ්ව ඇත.

ශ්‍රී ලංකාවේ නිදහස් රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ පදනම

ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය පාලන යුගයේ සිට රාජ්‍ය බටහිර වෛද්‍ය සේවාව ආරම්භ වූයේ මුදල් නොගෙවිය යුතු සේවාවක් ලෙසය. 1930 ගණන්වල මැලේරියා වසංගතය නිසා ලංකාවේ මුළු ජනගහනයෙන් 10%ක් පමණ මියයෑමෙන් පසු මේ සෞඛ්‍ය සේවාව තවදුරටත් පුළුල් කිරීම අවශ්‍ය වූ අතර, මේ වනවිට මුළු බාහිර රෝගීන්ගෙන් 50%ක් ද, නේවාසික රෝගීන්ගෙන් 95%කට අධික ප්‍රමාණයක් ද ප්‍රතිකාර ගන්නේ රාජ්‍ය සෞඛ්‍ය සේවයෙනි. මේ දැවැන්ත සෞඛ්‍ය සේවය මේ දක්වා මුළුමනින්ම පවත්වාගෙන යනු ලැබුවේ රජයේ මූල්‍ය දායකත්වයෙනි. සාමාන්‍ය ජනතාව නොදැන සිටියත්, රජය වැය කරන මුදලට සාපේක්ෂව ජනතාව ලබන ප්‍රතිලාභ අතින් ලොවේ විශිෂ්ටතම වෛද්‍ය සේවාවක් ලෙස ලංකාවේ සෞඛ්‍ය සේවය ලෝක බැංකුවේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුම් ලබා ඇත. මේ දක්වා කිසිවිටකත් පුද්ගලික අංශය, රාජ්‍ය සෞඛ්‍ය සේවයට ප්‍රාග්ධන දායකයෙකු ලෙස හවුල් වී නොමැත.

මෙයට හේතුවක් තිබේ. ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය පවතින්නේ ජනතාවට සේවය සපයන සේවාවක් ලෙසයි. එනිසා ඒ සෞඛ්‍ය සේවයට රජය කරන ආයෝජනයට කෙටිකාලීන මූල්‍යමය ප්‍රතිලාභයක් කිසිසේත් රාජ්‍යය බලාපොරොත්තු නොවේ. රාජ්‍යයේ මූලික පරමාර්ථය සෞඛ්‍ය සම්පන්න ජනතාවක් තැනීමයි. මෙයට ප්‍රතිවිරුද්ධව පුද්ගලික අංශය විසින් සෞඛ්‍ය සේවාවන් සැපයීමේදී රෝගීන්ට සපයන සේවාවන්ගෙන් කෙටිකාලීනව මූල්‍යමය ප්‍රතිලාභ ලැබීම ඒ අංශයේ මූලික පරමාර්ථය වේ.

මෙවන් ප්‍රාථමික වෙනස්කමක් තිබෙන ක්‍රම දෙකක් බද්ධ කිරීමට යාමේදී බරපතල ගැටලු රැසක් ඇතිවේ. පුද්ගලික අංශය රජය වෙනුවෙන් හෝ යම් ආයෝජනයක් කරනුයේ ඒ ආයෝජනය සඳහා මූල්‍යමය ප්‍රතිලාභ ලැබීමේ අරමුණෙනි. එනිසා ලාභය නොව සේවාව මුල්කොට පවතින ක්‍රමය විශාල අවුලකට යයි. පුද්ගලික අංශය තමන් කරන සේවාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම නොවෙනස්වන සුලු හෝ අවම ආදායමක් හෝ නිශ්චිත කාලසීමාවක් තුළ බලාපොරොත්තු වේ. මේ මුදල ලබාදීමට රජය බැඳී සිටින අතර යම් හෙයකින් ඒ ගෙවීම රජයට කළ නොහැකි නම්, එවිට සිදුවනුයේ පුද්ගලික සමාගම තමන් සපයන සේවාවන් සීමා කිරීමයි. එවිට දුක් විඳින්නේ මේ සේවාවන් ලබාගත නොහැකි වන රෝගී ජනතාවයි.

මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාව විනාශ කළ අයුරු

මෙවැනි පුද්ගලික අංශයේ මූලධර්ම එතෙක් රජය විසින් සේවාවක් ලෙස පවත්වාගෙන යනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවට එක්කර, එය අද වනවිට මුළුමනින්ම විනාශ කිරීමට මග පෑදුවේ අන්ත දක්ෂිණාංශික බ්‍රිතාන්‍ය අගමැතිනියක වූ මාග්‍රට් තැචර්ය. ඇය මෙවන් රාජ්‍ය-පුද්ගලික හවුල් ක්‍රියාකාරිත්වයන් ද, පුද්ගලික අංශයේ සංකල්ප ද බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවට හඳුන්වා දුන්නාය. අද වනවිටත් එය මුදල් නොගෙවිය යුතු සේවාවක් ලෙස පැවතියත්, එයින් ජනතාවට ලැබෙන සේවාව අන්ත දුර්වලය. බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය ශල්‍යකර්මයක් කරගැනීමේ පොරොත්තු කාලය වසර කිහිපයකි. සති අන්තවල රෝගීන් වෛද්‍යවරුන් නැතිව අසරණය. හදිසි රෝගයකට ප්‍රතිකාර ගැනීමට රෝහලකට යන රෝගියෙකුට වෛද්‍යවරයෙකු මුණගැසීමට පැය 12කට වැඩි කලක් රස්තියාදු වීමට සිදුවන අවස්ථා අපමණය.

මෙසේ රෝග සත්කාර සේවා දුර්වල වුවත්, පුද්ගලික අංශයේ මූලධර්ම රාජ්‍ය සෞඛ්‍ය සේවාවට හඳුන්වා දීමෙන් පසු එහි රජයේ සෞඛ්‍ය වියදම් අහස උසට නැඟ ඇත. මහා බ්‍රිතාන්‍යයේ ඒක පුද්ගල සෞඛ්‍ය වියදම ඩොලර් 6025ක් වන අතර ලංකාවේ එය ඩොලර් 260කි. මෙය සිදුවූයේ කෙසේද යන්නත්, ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය සේවයට මාග්‍රට් තැචර්ගේ භයානක සංකල්පය හඳුන්වා දීමෙන් එය වලපල්ලට යෑමේ ක්‍රියාදාමය ආරම්භ වන්නේ කෙසේද යන්නත් මෙයට වඩා දීර්ඝව පැහැදිලි කළ යුතුය. එය ඉදිරියේදී ලිපි පෙළකින් සිදු කෙරෙනු ඇත.

ප්‍රාග්ධනය නැත්ද? මහනුවර කාන්දුකරණ ඒකකයට යන්ත්‍ර ගත්තේ කෙසේද?

මේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් අන්දමට මෙසේ පුද්ගලික අංශයේ මුදල් යොදාගත යුත්තේ රජයට මේ උපකරණ මිලදී ගැනීමට අරමුදල් නැති නිසාය. මෙය අමූලික අසත්‍යයකි. 2025 වසරේ රජය සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ මුදල්වලින් 80%ක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන නැවත භාණ්ඩාගාරයට ලැබී ඇත. එසේම මේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ නිසා, ඒවා සැපයීම පුද්ගලික අංශයට භාරදෙන බවයි. මෙය ද නොදැනුවත්කම නිසා කරන ප්‍රකාශයකි. යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියට වඩා පුද්ගලික අංශයෙන් තාක්ෂණික සේවාවක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අතිශයෙන්ම සංකීර්ණය. එනිසාම එය දූෂණයට මග පාදනු ඇත.

බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සෞඛ්‍ය සේවාව මෙවන් භයානක සංකල්ප මගින් වලපල්ලට යවා ඒ නිසා මහජනතාවත්, රෝගීනුත්, රෝහල් සේවාවනුත්, සේවකයනුත් අනතුරේ හෙලූ මාග්‍රට් තැචර් මියගොස් දැනට වසර ගණනාවක් ගතවී ඇත. එහෙත් ඇයගේ පිරිමි අවතාරය රතු කමිසයකින් හා රතු තොප්පියකින් සැරසී ලංකාවෙන් මතුව ඇත. මේ අවතාරය පෙනුණු සැනින් එයට විරුද්ධ වීම ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය සුරැකීම පරමාර්ථය කරගත් සියලු දෙනා විසින් වහා කළ යුතුය. කැබිනට් පත්‍රිකාවේ සඳහන් මේ භයානක යෝජනා වහා ඉවත්කර නොගතහොත්, ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයේ මළබෙරය එයම වනු ඇත.

මේ පදනම මත පුද්ගලික අංශය විසින් සවිකරන ලද කාන්දුකරණ යන්ත්‍ර මහනුවර ශික්ෂණ රෝහලේ ඇති බව මේ කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව ඇත. කුප්‍රකට දූෂිත හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙකුගේ නිජබිම වන මහනුවර මේ පදනම මත යන්ත්‍ර සවිකර ඇත්තේ නම්, වහා කළ යුතුව ඇත්තේ එසේ සවිකිරීමට සම්බන්ධ වූ නිලධාරීන් එයට පෙර නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර එසේ කළේදැයි විගණන පරීක්ෂණයක් පවත්වා සොයා බැලීමයි. එසේ නැතිනම් ඒ සඳහා නීතිමය පියවර ගැනීමයි.

ලංකාවේ තැචර්ගේ හොල්මන

බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සෞඛ්‍ය සේවාව මෙවන් භයානක සංකල්ප මගින් වලපල්ලට යවා ඒ නිසා මහජනතාවත්, රෝගීනුත්, රෝහල් සේවාවනුත්, සේවකයනුත් අනතුරේ හෙලූ මාග්‍රට් තැචර් මියගොස් දැනට වසර ගණනාවක් ගතවී ඇත. එහෙත් ඇයගේ පිරිමි අවතාරය රතු කමිසයකින් හා රතු තොප්පියකින් සැරසී ලංකාවෙන් මතුව ඇත. මේ අවතාරය පෙනුණු සැනින් එයට විරුද්ධ වීම ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය සුරැකීම පරමාර්ථය කරගත් සියලු දෙනා විසින් වහා කළ යුතුය. කැබිනට් පත්‍රිකාවේ සඳහන් මේ භයානක යෝජනා වහා ඉවත්කර නොගතහොත්, ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයේ මළබෙරය එයම වනු ඇත.

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ මනිපාල් විශ්වවිද්‍යාලයෙන් සෞඛ්‍ය සේවා පිළිබඳව එම්.බී.ඒ. උපාධියක් ලබා ඇත.)

එතෙර - මෙතෙර