
ලොව පුරා වෙසෙන බිලියන සංඛ්‍යාත බෞද්ධ ජනතාවට වෙසක් (වෛශාඛ) මාසය යනු තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, අභිසම්බෝධිය සහ පරිනිර්වාණය යන උතුම් “තෙමඟුල” සිදු වූ පරම පූජනීය ආධ්‍යාත්මික කාල පරාසයයි. එහෙත් ඓතිහාසික, සමාජයීය හා සංස්කෘතික මානයන් දෙස ගැඹුරින් බැලීමේදී පෙනී යන්නේ, වෙසක් සැමරුම සතු භෞතික හා ලෞකික පදනම බුදුසමයේ ආගමනයට බොහෝ කලකට පෙර සිටම පෙරදිග මානව ශිෂ්ටාචාරය තුළ මුල් බැස තිබූ බවයි. නමුත් වෙසක් උළෙලට බෞද්ධ ආරෝපණයක් ලැබීමෙන් පසු ඒ යටගියාව මැකී ගොස් තිබේ. ਭਾਰතීය සහ පෙරදිග සංස්කෘතීන් තුළ වෛශාඛ මාසය යනු සැබවින්ම ස්වභාවධර්මයේ නව ජීවයක උපත සහ සශ්‍රීකත්වය සංකේතවත් කළ, ජන සම්මතයෙන්ම අතිශය ශුභ වූ මංගල කාල පරිච්ඡේදයකි. මෙම වෛශාඛ මාසය උදාවන්නේ කෘෂිකාර්මික ජීවන රටාවක වටිනාම මල්ඵල ගැන්වෙන අස්වැන්න නෙළන කාලසීමාවත් සමඟ ය. අටුකොටු අස්වැන්නෙන් පිරී ඉතිරී යන, සාගින්න නිවී සිතට සැනසිල්ල උදාවන මේ කාලය, පුරාණ ගොවි සමාජයන්හි ධනයේ, භාග්‍යයේ සහ සෞභාග්‍යයේ නිෂ්ඨාවක් සේ සලකනු ලැබීය. ඒ අනුව, පසුකාලීනව සිදු වූ බුදුන් වහන්සේගේ පහළ වීම සහ ඒ හා බැඳුණු අධ්‍යාත්මික පුනරුදය, ඒ වන විටත් මංගල මාසයක් ලෙස සමාජගතව තිබූ වෛශාඛ සමයට අති ප්‍රබල, අනුත්තර වූ ආධ්‍යාත්මික අර්ථකථනයක් එක් කිරීමට සමත් විය.

මෙම මාසය හා බැඳුණු ජ්‍යොතිෂමය හා සංස්කෘතික සාධක දෙස බැලීමේදී, පුරාණ හින්දු සමාජය තුළ වෛශාඛ සමයට හිමි වූයේ අද්විතීය ස්ථානයකි. හින්දු ජ්‍යොතිෂයට අනුව, ග්‍රහ මණ්ඩලයේ රජු වන සූර්යයා තමාට අතිශය බලවත් වූත්, උච්ච වන්නා වූත් මේෂ රාශියට සංක්‍රමණය වන්නේ අප්‍රේල්-මැයි අතර උදාවන මෙම වෛශාඛ මාසයේදී ය. මේ හේතුව නිසාම, නව ව්‍යාපාර ආරම්භ කිරීමට, නිවාස ඉදිකිරීම් කටයුතු ඇරඹීමට සහ විශේෂයෙන්ම යුග දිවියට එළඹෙන විවාහ මංගල්‍යයන් සඳහා වෛශාඛ මාසය අතිශය ශුභ ඵල ගෙන දෙන කාලසීමාවක් ලෙස වෛදික සහ හින්දු ජ්‍යොතිෂය තුළ අදටත් පිළිගැනෙයි. සෑම වසරකම වෛශාඛ (වෙසක්) මාසයේ පුර පසළොස්වක දිනයේදී සඳු ගමන් කරන්නේ හරියටම විශාඛා හෙවත් විසා නැකත මතිනි. එබැවින් වෙසක් පොහොය සම්පූර්ණ වන්නේ වෛශාඛ මාසය සහ විසා නැකත එකිනෙක මුණගැසෙන සුබ මුහුර්තයෙනි. පසුකාලීන බෞද්ධ සාහිත්‍යයට හා පාරම්පරික විශ්වාසයන්ට අනුව, සිද්ධාර්ථ කුමාරයාගේ උපත, බුදුවීම සහ පරිනිර්වාණය යන මුළු මහත් තෙමඟුලම සිදු වූයේ වෛශාඛ මාසයේ, චන්ද්‍රයා විසා නැකතේ පිහිටි පුර පසළොස්වක පොහෝ දිනකදීය. ඇතැමුන් පවසනුයේ මෙම විශාඛා හෙවත් විසා නැකත හා සඳු අතර පවත්නා සම්බන්ධය මුල් කොට මෙම මාසය වෛශාඛ නමින් හැඳින්වුණු බවකි.
හින්දු සංස්කෘතියට අනුව මෙම මාසයේ යෙදෙන ‘අක්ෂය තෘතීයා’ වැනි දින අතිශය වාසනාවන්ත, කිසිදා ක්ෂය නොවන භාග්‍යය උදා කරන දින ලෙස සලකනු ලබන අතර, එදිනට රත්තරන් මිලදී ගැනීම හෝ නව කර්මාන්ත ඇරඹීම තුළින් ජීවිතයට සෞභාග්‍යය ළඟා වන බව ජන සමාජය තදින්ම විශ්වාස කොට තිබේ. මේ අනුව ස්වභාවධර්මයේ ඍතුමය වෙනස්වීම්, කෘෂිකාර්මික ආර්ථික සශ්‍රීකත්වය මෙන්ම ජ්‍යොතිෂමය බලපෑම් වැනි ලෞකික සාධක රැසක් නිසාම, වෛශාඛ මාසය ඈත අතීතයේ සිටම මිනිසාගේ ලෞකික ජීවිතයට තදින්ම බද්ධ වූ “සැනකෙළි මාසයක්” බවට පත්ව තිබිණි.
එසේම හින්දු සංස්කෘතියට අනුව මෙම මාසයේ යෙදෙන ‘අක්ෂය තෘතීයා’ වැනි දින අතිශය වාසනාවන්ත, කිසිදා ක්ෂය නොවන භාග්‍යය උදා කරන දින ලෙස සලකනු ලබන අතර, එදිනට රත්තරන් මිලදී ගැනීම හෝ නව කර්මාන්ත ඇරඹීම තුළින් ජීවිතයට සෞභාග්‍යය ළඟා වන බව ජන සමාජය තදින්ම විශ්වාස කොට තිබේ. මේ අනුව ස්වභාවධර්මයේ ඍතුමය වෙනස්වීම්, කෘෂිකාර්මික ආර්ථික සශ්‍රීකත්වය මෙන්ම ජ්‍යොතිෂමය බලපෑම් වැනි ලෞකික සාධක රැසක් නිසාම, වෛශාඛ මාසය ඈත අතීතයේ සිටම මිනිසාගේ ලෞකික ජීවිතයට තදින්ම බද්ධ වූ “සැනකෙළි මාසයක්” බවට පත්ව තිබිණි. නමුත් මීට ප්‍රබල සදාචාරාත්මක ආරෝපණයක් ලැබී ඇත්තේ මීට බෞද්ධ පදනමක් එක් වීමෙන් පසුව බව පෙනේ. බුදුදහම ලංකාවට පැමිණීමටත් පෙර සිටම ඉන්දියානු උපමහාද්වීපයේ මෙකී මාසය සහ නැකත මුල් කරගෙන කෘෂිකාර්මික හා සශ්‍රීකත්ව උත්සව පැවැත්වුණු අතර, පසුව එය බෞද්ධ සංස්කෘතියේ මුදුන්මල්කඩ වන “වෙසක් උත්සවය” බවට පත් විය.
“වෙසක්” යන වචනයේ නිරුක්තිය හා භාෂාමය විකාශනය පරීක්ෂා කිරීමේදී, එය විවිධ පෙරදිග භාෂාවලින් විවිධ අයුරින් හැඩගැසී ඇති ආකාරය දැකගත හැකිය. සංස්කෘත භාෂාවෙන් මෙය “වෛශාඛ” (Vaishakha) ලෙස හඳුන්වන අතර, එහි සරල අරුත වනුයේ වෛශාඛ නම් වූ චන්ද්‍ර මාසයට අයත් යන්නයි. (සිංහල සම්ප්‍රදායට අනුව වෙසක් මාසය වර්තමාන මැයි මාසය වුව ද හින්දු සම්ප්‍රදායට අනුව මෙය අප්‍රේල් මැද සතියෙන් ඇරඹෙන්නකි.) “වෛශාඛ” යන්න පාලි භාෂාවට පැමිණීමේදී “වේසාඛ” (Vesakha) ලෙස පරිවර්තනය වන අතර, මෙම වදන පාලි ත්‍රිපිටකයේ හා අටුවා සාහිත්‍යයේ වෙසක් මාසය මෙන්ම වෙසක් පූජාවන් හැඳින්වීමට බහුලව යොදාගෙන තිබේ. මෙය සිංහල භාෂාවට එන විට, මෙම පාලි සහ සංස්කෘත මූලයන් ඇසුරෙන් භාෂා ධ්වනි විද්‍යාත්මකව බිඳී ආ මධුර වචනය වන්නේ “වෙසක්” යන්නයි.

ලෝකවාසී බෞද්ධ ජනතාව තමන්ටම ආවේණික වූ භාෂා ශෛලීන්ගෙන් මෙම උතුම් දිනය හඳුන්වනු ලබයි. බුදුදහමේ නිජ බිම වන ඉන්දියාව සහ නේපාලය වැනි රටවල හින්දි භාෂාවෙන් මෙය “බුද්ධ පූර්ණිමා” (Buddha Purnima) හෝ “බුද්ධ ජයන්ති” (Buddha Jayanti) ලෙස හඳුන්වන අතර, ගිනිකොනදිග ආසියාතික රටවල් දෙස බැලීමේදී, තායිලන්තයේ “විසාඛ බුචා” (Visakha Bucha) ලෙසත්, ලාඕසයේ “වික්සාඛා බුසා” (Vixakha Bouxa) ලෙසත්, කාම්බෝජයේ “විසාක් බෝචෙයා” (Visak Bochea) ලෙසත්, ඉන්දුනීසියාවේ “වයිසක්” (Waisak) ලෙසත් මෙය උච්ඡාරණය කෙරේ. මියන්මාරයේ (බුරුමයේ) මෙම පොහොය යෙදෙන මාසය මුල් කරගනිමින් “කසෝන් පුර පසළොස්වක” (Full Moon of Kason) ලෙස හඳුන්වන අතර, තිබෙතයේ බෞද්ධයන් මෙය “සගා දවා” (Saga Dawa) ලෙස හඳුන්වයි.
නැගෙනဟිර ආසියාතික රටවල් වන චීනය සහ තායිවානයේ “ෆො ඩාන්” (Fo Dan) හෙවත් බුදුන්ගේ උපන්දිනය ලෙසත්, කොරියාවේ “සොක්ගා තන්සිනීල්” (Seokga Tansineil) ලෙසත් වෙසක් දිනය සැමරේ. විශේෂයෙන්ම ජපානයේ මෙම දිනය වසන්ත කාලයේ චෙරි මල් පිපෙන සමය හා සම්බන්ධ කරමින් “හනා මත්සුරි” (Hanamatsuri) හෙවත් “මල් උත්සවය” ලෙස හැඳින්වීම, සොබාදහම හා බැඳුණු වෙසක් මාසයේ පූර්ව-බෞද්ධ ලක්ෂණ මනාව නිරූපණය කරන්නකි.
ශ්‍රී ලාංකේය සංස්කෘතික සන්දර්භය තුළ වෙසක් උත්සවයේ විකාශනය පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම ලාංකීය ඓතිහාසික මූලාශ්‍රවල ද විශාල වශයෙන් තොරතුරු හා සාක්ෂි හමුවේ. විශේෂයෙන්ම මහාවංශය වැනි වංසකථාවල එන ඓතිහාසික සාක්ෂි මෙහිදී ප්‍රමුඛස්ථානයක් ගනී. ලක්දිව රාජ්‍ය පාලන ඉතිහාසය තුළ නිල වශයෙන් වෙසක් උත්සවයක් සංවිධානය කර පැවැත්වූ බවට මුල් වරට වාර්තා වන්නේ දුටුගැමුණු මහරජතුමාගෙනි. එතුමන් තම වසර 24ක රාජ්‍ය පාලන කාලය තුළ වෙසක් උත්සව 24ක්ම රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වූ බව මහාවංශයේ විශේෂයෙන් සඳහන් වේ. ඉන්පසු බලයට පත් වූ භාතියතිස්ස, වසභ, වෝහාරිකතිස්ස සහ මහා පරාක්‍රමබාහු වැනි ශ්‍රේෂ්ඨ ලාංකීය රජවරුන් ද රාජ්‍ය නායකත්වයේ පූර්ණ දායකත්වය ඇතිව ඉතා උත්කර්ෂවත් අන්දමින් “වෙසක් පූජා” පැවැත්වූ බව ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත. මහාවංශයේ ඇතැම් ස්ථානයක මෙම උත්සවය හුදෙක් ආගමික වන්දනාවක් පමණක් නොව “වේසාඛ කීළා” හෙවත් වෙසක් සැනකෙළි ලෙස හඳුන්වා තිබීම අතිශය වැදගත් ය.

වෙසක් දිනය යනු හුදෙක් පන්සලට හෝ ආගමික වතාවත්වලට පමණක් සීමා නොවූ, ඈත පුරාණයේ පටන් පැවති සශ්‍රීකත්වයේ උත්සව ශ්‍රීයට බෞද්ධ ආධ්‍යාත්මික හරය මුසු කරමින්, සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සංස්කෘතික, සමාජයීය හා ආධ්‍යාත්මික බැඳීම මූර්තිමත් කළ උත්කර්ෂවත් ජාතික මංගල්‍යයක් බවයි.
මෙයින් පැහැදිලි වන්නේ වෙසක් දිනය යනු හුදෙක් පන්සලට හෝ ආගමික වතාවත්වලට පමණක් සීමා නොවූ, ඈත පුරාණයේ පටන් පැවති සශ්‍රීකත්වයේ උත්සව ශ්‍රීයට බෞද්ධ ආධ්‍යාත්මික හරය මුසු කරමින්, සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සංස්කෘතික, සමාජයීය හා ආධ්‍යාත්මික බැඳීම මූර්තිමත් කළ උත්කර්ෂවත් ජාතික මංගල්‍යයක් බවයි.
තිලක් සේනාසිංහ