ජනපති උතුරේ දී කළ ප්‍රකාශය සිංහල දෙමළ ජන කොටස් දෙකටම හානි දායකයි

අනුරාධපුරයේ පන්සල් තිබියදී සිංහල ජනතාව අනුරාධපුරයේ පන්සල් තිබියදී උතුරේ පන්සල්වල සිල් ගැනීමට පැමිණෙන්නේ වෛරය නිසා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ දී කළ ප්‍රකාශය දැඩි විවේචනයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අදහස් දක්වා තිබේ.පසුගියදා යාපනය සංචාරය අතරතුර ජනාධිපතිවරයා සිදුකළ එම ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙවැනි ප්‍රකාශ මගින් ජනාධිපතිවරයා සිංහල සහ දෙමළ යන ජනකොටස් දෙකටම දැඩි හානියක් සිදුකරන බවයි. ජනාධිපතිවරයාගේ මෙම තර්කය ප්‍රශ්න කරන අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා, තමන් දකුණට ගොස් එහේ තිබෙන කුඩා පන්සලකට ගියහොත් එයද ජාතිවාදය ඇවිස්සීමක් ලෙස අර්ථකථනය කරන්නේදැයි විමසා සිටියි.ආගමික වතාවත් සඳහා රටේ ඕනෑම ප්‍රදේශයකට යාමට ජනතාවට ඇති අයිතිය ජාතිවාදී හෝ වෛරී සහගත ක්‍රියාවක් ලෙස හංවඩු ගැසීම අනුචිත බව පෙන්වා දෙන අර්චුනා රාමනාදන් මන්ත්‍රී වරයා.ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය මේ වන විට උතුරේ ජනතාවගේ සිනාවට ලක් ව ඇති බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්