ලෝක වනා­න්තර දිනය අදයි

ලෝක වනා­න්තර දිනය අදට යෙදී තිබේ.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2012 වර්ෂයේ නොවැම්බර් 28 වන දින ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස මාර්තු 21 වන දිනය ප්‍රකාශයට පත් කරනලදි.

ඒ අනුව 2013 වර්ෂයේ සිට ජාත්‍යන්තරව මෙම දිනය සමරනු ලබන අතර, ශ්‍රී ලංකාව 2014 සිට මෙම දිනය සමරනු ලබයි.

වනාන්තරවල ඇති අගය පිළිබඳ මෙන්ම විවිධාකාර වනාන්තර පරිසර පද්ධතීන්ගේ ඇති වැදගත්කම පිළිබඳ ලොව පුරා ජනතාවගේ අවධානය යොමු කරවාගනිමින් සමාජය දැනුවත් කිරීම තුළින් වනාන්තර සුරැකීම කෙරෙහි ජනතාව නැඹුරු කිරීම මෙම දිනයේ මූලික අරමුණ වී තිබේ.

ලෝක වනාන්තර දිනය වෙනුවෙන් මෙරට වනාන්තර 50ක් රක්ෂිත ලෙස අලුතින් නම් කරන බවයි පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.

කාලීන පුවත්