ධීවර කර්මාන්තයට ඉන්ධන ලබාගැනීමේදී ඇති වන ගැටලු දැනුම්දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකථන අංකයක් හඳුන්වාදීමට ධීවර අමාත්‍යංශය කටයුතු කර තිබේ.
එම අමාත්‍යාංශය සඳහන් කළේ 011 43 23 389 යන දුරකථන අංකයට ඉන්ධන ගැටලු යොමු කරන ලෙසයි.
ඒ අනුව ධීවර යාත්‍රා සඳහා මෙන්ම මුහුදු ආහාර සැකසීම සහ ජලජීවී වගාව ඇතුළු කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේදී ඇති වන ගැටලු ද ඉදිරිපත් කළ හැකි බව ධීවර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.