ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක්

නැගෙනහිර ඉන්දුනීසියාවේ අද (02) අලුයම රික්ටර් මාපකයේ 7.4ක ප්‍රධාන භූමිකම්පාවක් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කරයි.භූකම්පනය හේතුවෙන් එහි අපකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 ඇතුළත භයානක සුනාමි රළ ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, ඉන්දුනීසියාව, පිලිපීනය සහ මැලේසියාවේ වෙරළ තීරයේ භයානක සුනාමි රළ ඇති විය හැකි බවයි.

නැගෙනහිර ඉන්දුනීසියාවේ ඇති වූ භූකම්පනයෙන් ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

කාලීන පුවත්