කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අදත්

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට සිදුකෙරෙන ජල කප්පාදුව අදත් (04)සිදුකෙරෙයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (03) පස්වරුවේ නිවේදනය කළේ පාරිභෝගික ඉල්ලීම් සලකා බලමින් සැලසුම්කරණ ලද ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 24 සිට පැය 18ක් දක්වා අඩුකිරීමට පියවර ගත් බවයි .

ඒ අනුව කාලසටහනකට අනුව එළැඹෙන 10 වැනිදා දක්වා එම ප්‍රදේශවලට ජල සැපයුම වරින්වර සීමා කෙරෙයි.

පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙම සැලසුම් කළ ජල කප්පාදුව සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

කාලීන පුවත්