පිවිතුරු හෙළ උරුමය මෙවර මැයි දින රැලියෙන් ඉවත් වෙයි

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය පෝය දිනයක යෙදී තිබීම හේතුවෙන්, තම පක්ෂය මැයි දින සැමරුම් උත්සව නොපැවැත්වීමට තීරණය කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නාය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික සම්ප්‍රදාය සහ ආගමික වටිනාකම් සුරැකීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.පෝය දිනයක වෙනත් උත්සව හෝ දේශපාලන සැමරුම් නොපැවැත්වීම ලාංකීය සංස්කෘතික සම්ප්‍රදාය බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පෝය දින සිදු කෙරෙන ආගමික වත්පිළිවෙත්වලට සහ භාවනා කටයුතුවල නිරත වන පිරිස්වලට මැයි දින සැමරුම්වලදී සිදුවන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සහ පෙළපාලි බාධාවක් විය හැකි බව සඳහන් කළේය.පෝය දිනයක් යනු අධ්‍යාත්මික සුවය උදෙසා වෙන් වූ නිස්කලංක දිනයක් විය යුතු බව ද වැඩිදුරටත් අවධාරණය කළ ගම්මන්පිල මහතා මෙම තීරණය හරහා පක්ෂ දේශපාලනයට වඩා මෙරට ආගමික හා සංස්කෘතික අනන්‍යතාවයට මුල්තැන දිය යුතු බව ද සඳහන් කළේය.

කාලීන පුවත්