ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයින ආසන්නයේම පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ සෘජු බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළත් දිවයිනේ පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.අද (12) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, ප්‍රදේශ රැසකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. විශේෂයෙන් බස්නාහිර සබරගමුව දකුණු, වයඹ සහ උතුරු පළාත් වලට හාත්රීකුණාමලය දිස්ත්‍රික්කයට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
එසේම, මෙම පීඩන අවපාතය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බැවින්, ඒ පිළිබඳ නිකුත් කරන ඉදිරි නිවේදන කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත.දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟ බස්නාහිර දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව පැයට කිලෝමීටර 25-35 ත් අතර වේගයකින් හමා යනු ඇත. කෙසේ වෙතත්, ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යා හැක.මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු ස්වභාවයක් ගනු ඇතැයි ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.