වාහන ආනයන රේගු බද්දට තවත් 50%ක බද්දක්

වාහන මත පනවනු ලබන අදාළ රේගු ආනයන බදු මත 50%ක අතිරේක ගාස්තුවක් අය කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ ඊයේ (16) සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලසීමාවක් සඳහායි.

ඒ අනුව ආනයනික මෝටර් රථයක් සඳහා මෙතෙක් අය කළ 30%ක රේගු ආනයන බද්ද මත තවත් 50%ක අතිරේක බද්දක් පැනවෙන බවයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් මැයි 15 හෝ එම දිනට පෙර විවෘත කරන ලද ණයවර ලිපි සඳහා මෙම අතිරේක ගාස්තුව අදාළ නොවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

කාලීන පුවත්