ඩෙංගු නඩුවලදී බස්නාහිරට 50,000ක දඩ

දැනට පවතින නීති ප්‍රතිපදානවලට අනුව මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යාමේ වරද යටතේ අධිකරණය හමුවේ නඩු පවරා රුපියල් 50,000 ක උපරිම දඩ මුදලක් නියම කළ හැක්කේ බස්නාහිර පළාත තුළ පමණකැයි ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කරනලදි.

බස්නාහිර පළාතට එම බලතල සීමා වී තිබුණත් අනෙක් පළාත් අටටම 2007 අංක 11 දරන මදුරු මර්දන පනතට අනුව අධිකරණයක් මගින් රුපියල් 1000 සිට රුපියල් 25,000 ක් දක්වා දඩ නියම කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇතැයි ද ඇය කියයි.

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යාමේ වරද යටතේ දඩ නියම කිරීමට අමතරව මහෙස්ත්‍රාත් අධිකරණයකට මාස හයක සිරදඬුවම් නියම කිරීමට ප්‍රතිපාදන ඇතැයි ද මේ දක්වා කිසිවකුට එවැනි සිරදඬුවමක් නියම කර නැතැයි ද ඇය සඳහන් කළාය.

කාලීන පුවත්