නිෂ්පාදනයේදී ආසන පටි සවි කර නොමැති වාහන වලට, අධිවේගී මාර්ගයට ඇතුලු කිරීම සදහා මාස තුනක සහන කාලයක් ලබාදී තිබේ.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න සදහන් කළේ, සෙසු වාහන වලට අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට ආසන පැළඳීම ඊයේ(20) සිට අනිවාර්ය බවයි.
වාහනය තුළ ආසන පටි තිබේ නම් අනිවාර්යයෙන් රියදුරා මෙන්ම මගීයා ද එය පැළඳිය යුතු අතර එසේ නොමැති නම් දඩ මුදලකට යටත්වීමට සිදුවනු ඇත.