ජූලි පළමු වැනිදා සිට බස් ගාස්තු ඉහළට – ජාතික ගමනාගමන කොමිෂන් සභාව

බස් ගාස්තු ජූලි පළමු වැනිදා සිට ඉහළ දමන බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.ඒ, වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුවයි.

ඊට අදාළ කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බව, ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ඉංජිනේරු P.A චන්ද්‍රපාල මහතා සඳහන් කරයි.ඒ අනුව ජූලි මාසයට අදාළ ඉන්ධන ගාස්තු සංශෝධනය ද සැළකිල්ලට ගනිමින්, බස් ගාස්තු ඉහළ දමන ප්‍රතිශතය දැනුම් දෙන බව, ඔහු පවසයි.

කාලීන පුවත්