පැසිපික් සාගරය ආශ්‍රිතව හටගෙන ඇති ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික සංසිද්ධිය මේ වන විට ආරම්භ වී දුර්වල මට්ටමක පැවතුණද, ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එය ප්‍රබල විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගෝලීය කාලගුණ අනාවැකිවලට අනුව ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසකට මෙයින් බලපෑම් එල්ල විය හැකි බව පෙන්වා දෙන එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා, මෙම වසරේ නොවැම්බර් සිට 2027 ජනවාරි දක්වා කාලය තුළ එය ඉතා ප්‍රබල මට්ටමක් දක්වා වර්ධනය වීමේ 63%ක සම්භාවිතාවක් පවතින බව සඳහන් කරයි.
කෙසේ වෙතත්, අමෙරිකානු සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය (NOAA) පෙන්වා දෙන්නේ මෙය ඉතා ප්‍රබල තත්ත්වයකට පත් නොවීමේ තුනෙන් එකක (1/3) සම්භාවිතාවක් ද පවතින බවයි.
මෙම දේශගුණික විපර්යාසය හේතුවෙන් දැනට පවතින නිරිතදිග මෝසම් වැසි ප්‍රමාණය අඩුවිය හැකි නමුත්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී සාමාන්‍යයෙන් ලැබෙන මට්ටමට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කරයි.