අධිකරණ ඇමති හර්ෂන නානායක්කාර මහතා හමුවේ බන්ධනාගාර නිලධාරියෙක් හඬා වැටෙමින් “සර්.. මේක නියපොත්තෙන් කඩන්න තිබුණා. අපිට ඕඩර්ස් ලැබුණේ නෑ සර්..” යනුවෙන් පවසයි. එම ප්‍රකාශය ඔස්සේ මීගමුව බන්ධනාගාරයේ සිදුවූ මහා ඛේදවාචකයේ මෙතෙක් අනාවරණය නොවූ අතිශය වැදගත් හා සංවේදී තොරතුරු රැසක් හෙළිදරව් වූයේ කළ සොයා බැලීම්වලදීය.
මීගමුව බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා ඒ වටා අවි අට්ටාල කුටි 07ක් පිහිටුවා තිබේ. ගිනිඅවි සහිත නිලධාරීහු මෙම අට්ටාලවල සේවා මුර තුනක් යටතේ පැය 24 පුරා ආරක්ෂක රාජකාරියේ යෙදෙති. ඔවුන්ට බන්ධනාගාර භූමිය තුළ සිදුවන සියල්ල හොඳින් නිරීක්ෂණය වේ. බන්ධනාගාරයේ ඉදිරිපස තිබෙන දැවැන්ත ලී දොර හා සමාන උසකින් යුක්ත වානේ දොරක් ඉන් ඔබ්බට හමුවේ. ඒ අතරේ ද අවි අට්ටාලයකි. ගිනි අවියක් සහිත නිලධාරියෙක් එම අට්ටාලයේ ද රාජකාරියේ යෙදේ. රැඳවියන් අතරේ ගුටිබැට හුවමාරුව සිදුවූ ජූලි 05 වැනිදා සවස එම ගැටුම අවි අට්ටාලවල රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ගේ ඇස නොගැටී තිබිය නොහැකිය.
මීගමුව බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා ඒ වටා අවි අට්ටාල කුටි 07ක් පිහිටුවා තිබේ. ගිනිඅවි සහිත නිලධාරීහු මෙම අට්ටාලවල සේවා මුර තුනක් යටතේ පැය 24 පුරා ආරක්ෂක රාජකාරියේ යෙදෙති. ඔවුන්ට බන්ධනාගාර භූමිය තුළ සිදුවන සියල්ල හොඳින් නිරීක්ෂණය වේ. බන්ධනාගාරයේ ඉදිරිපස තිබෙන දැවැන්ත ලී දොර හා සමාන උසකින් යුක්ත වානේ දොරක් ඉන් ඔබ්බට හමුවේ. ඒ අතරේ ද අවි අට්ටාලයකි. ගිනි අවියක් සහිත නිලධාරියෙක් එම අට්ටාලයේ ද රාජකාරියේ යෙදේ. රැඳවියන් අතරේ ගුටිබැට හුවමාරුව සිදුවූ ජූලි 05 වැනිදා සවස එම ගැටුම අවි අට්ටාලවල රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ගේ ඇස නොගැටී තිබිය නොහැකිය. ඒ වගේම සිද්ධිය පිළිබඳ බන්ධනාගාරයේ උසස් නිලධාරීන්ට ද වාර්තා වන්නට ඇත. මන්ද ඒ වනවිටත් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබූ උණුසුම්කාරී තත්ත්වය යටතේය.
ඉන් අනතුරුව තත්ත්වය සමනය වූ බවක් වගකිවයුතු නිලධාරීන් පවසති. එහෙත් ඒ වන විටත් බන්ධනාගාරය තුළ පිහිටි රෝහලේ බෙහෙත් ගබඩාවෙන් මානසික රෝගී රැඳවියන්ට පමණක් නිකුත් කරන ඉතා සැර බෙහෙත් පැහැරගෙන තිබිණි. දැනගන්නට ලැබෙන ආකාරයට 05 වැනිදා සවස හෝ 06 වැනිදා උදේ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි තුළ තිබූ තියුණු ආයුධ ද කැති, මන්න, පොරෝ රැඳවියන් විසින් පැහැරගෙන ගොස් තිබිණි. මෙම සිදුවීම් අවි අට්ටාලවල ආරක්ෂාවේ යෙදී සිටි නිලධාරීන් සහ භූමියේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් ඉහළට වාර්තා නොකර සිටියා යැයි සිතීම අපහසුය.
බන්ධනාගාර පොලිසිය නමින් හඳුන්වන විශේෂ ඒකකයේ නිලධාරීන් 50කට ආසන්න ප්‍රමාණයක් හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු වැලිකඩ සිට මීගමුවට පැමිණ තිබෙන්නේ මෙවැනි උණුසුම් පරිසරයක් මීගමුව බන්ධනාගාරය තුළ ගොඩ නැගෙමින් තිබියදීය.

බන්ධනාගාර පොලිසියට සිවිල් ඇඳුමෙන් සැරසී එන ලෙසත්, මීගමුව බන්ධනාගාරය තුළට එම ඇඳුමෙන්ම ඇතුල්වන ලෙසත් උපදෙස් දුන්නේ කවුරුන්ද? බන්ධනාගාර පොලිසිය බන්ධනාගාරයක් තුළට ඇතුල් වන්නේ සම්පූර්ණ නිල ඇඳුමෙනි.
මෙම රැඳවියන් සඟවාගෙන සිටින ආයුධ, මත්පෙති, හෙරොයින් අත්අඩංගුවට ගැනීමේ අරමුණ ඇතිව 06 වැනිදා බන්ධනාගාර පොලිසියේ නිලධාරීන් බන්ධනාගාර පරිශ්‍රයට ඇතුල්වී තිබේ. සූදානමින් සිටි කැරලිකාර රැඳවියෝ වියරු ප්‍රහාරය ආරම්භ කළේ එතැන් සිට ය. තමන්ගේ සහෝදර නිලධාරීන්ට සිදුකරන කෲර වද බන්ධන හා ප්‍රහාරය අට්ටාල 07ක නිලධාරීන් නොදුටුවා විය හැකි යැයි විශ්වාස කළ හැකිද? ඔවුන් සියලු දෙනා අතේ T-56 ගිනිඅවි සහ මැගසින් දෙකක් බැගින් තිබේ. ඒවායේ උණ්ඩ 60කි. එහෙත් ඔවුන් නිහඬව මේ සියල්ල දකිමින් පසුවූයේ කාගේ නියෝග මතදැයි මහත් අපබ්රන්සයෙකි.
මෙවැනි අවස්ථාවකදී සිදුවන්නේ බන්ධනාගාරය තුළ ඒ මොහොතේ පසුවන උසස් නිලධාරියා විසින් නියෝගයක් නිකුත් කිරීමයි. ඒ වහාම කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලෙසයි. දෙවනුව අහසට වෙඩි තබන ලෙසයි. එයින්ද පාලනයක් නොවන්නේ නම් අවම බලය යටතේ දන හිසෙන් පහළට වෙඩි තබන ලෙසයි. මෙවැනි බිහිසුණු අවස්ථාවක් පැන නොනැඟුණා ඇතැයි 05 වැනිදා සවස උපකල්පනය කිරීම නිසා අවි අට්ටාලවල රාජකාරි කළ නිලධාරීන්ට කඳුළු ගෑස් අවි නිකුත් කර නොතිබිණි. සිය සහෝදර නිලධාරීන් ඝාතනය කරමින්, යකඩ දොර ද බිඳගෙන පැමිණ එතන තිබූ අවි අට්ටාලයට නැග එහි ආරක්ෂාවේ යෙදී සිටි නිලධාරියාගේ T-56 සහ මැගසින් දෙක පැහැර ගනිද්දී එම නිලධාරියාට ‘හිස පහත් කර’ යටත් වන්නට සිදුවුණේ එබැවිනි. නමුත් අට්ටාලය උඩට කැරලිකරුවන් නැගගෙන එද්දී ඔවුන්ට සිය අවම බලය පාවිච්චි කළේ නැත්තේ ඇයි?
මීගමුව බන්ධනාගාරයේ එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි උසස් නිලධාරියා කොමසාරිස්වරයෙකු යයි වාර්තාවේ. කිසියම් වූ රාජකාරී හේතු මත ඔහු මෙම අවස්ථාවේදී ඔහුට වඩා ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් පැතුවා විය නොහැකිද? එම උසස් නිලධාරීන් අනතුරුව ක්‍රියාත්මක වූයේ කෙසේද? ඔවුන් නිහඬතාවයෙන් පසුවූයේ ඇයි? එය පැහැදිලිව විසඳාගත යුතු බරපතල තත්ත්වයකි.
වානේ දොර බිඳගෙන පැමිණි කැරලිකරුවන්ට ඊළඟ මොහොතේ ඉදිරි ලෑලි දොර බිඳීම මහා කජ්ජක් නොවේ. මේ වනවිට 06 වැනිදා උදේ බන්ධනාගාරයේ රැඳවියන් හමුවීමට විසිට් පැමිණි පිරිස් ලෑලි දොරට නුදුරිනි. බන්ධනාගාරයේ ඉදිරිපිට මහ පාරේය. අහල පහල ජනතාවද කැරැල්ල නරඹන්නට රැස්කති. කාන්තා රැඳවියෝ ද ඔවුන් රඳවා සිටි බන්ධනාගාරයේ වහලයක් උඩට නැඟ උද්ඝෝෂණයේ යෙදෙති. එතනටද අමතර ආරක්ෂාවක් අවශ්‍ය විය.
ඉදිරි ලෑලි දොර බිඳ දැම්මේ නම් සන්නද්ධ කැරලිකාර රැඳවියන් හා පිටත අවිගත්තවුන් පොලිසියට ද වෙඩි තබා මහා ජන සංහාරයක් සිදු කිරීමට ඉඩ තිබිණැයි සිදුවීම් නිරීක්ෂණය කිරීමේදී පෙනී යන තවත් වැදගත් කරුණෙකි. එවැනි බිහිසුණු සැලසුමක් තිබුණා හෝ නොතිබුණා විය හැක. ඉදිරි ලෑලි දොර බිඳ දැමීම වැළකුණේ පිටත සිටි බන්ධනාගාර නිලධාරියෙක් ලෑලි දොරේ හිලකින් සිය T-56 ගිනි අවියේ බටය ඇතුළට දමා වෙඩි තැබීමෙනි. බන්ධනාගාරයේ මෙම මහා කැරැල්ල හටගන්නා අවස්ථාවේ එහි රැඳී සිටි උසස් නිලධාරීන්, කොළඹ නිලධාරීන් හා වගකිවයුතු දේශපාලන අධිකාරිය නිරුත්තරව පසු වූයේ මන්දැයි සොයා ගත හැක්කේ අපක්ෂපාතී, විනිවිද පෙනෙන පරීක්ෂණයකින් පමණි.
මෙය සැලසුමක් නම් පිටත රැඳී සිටි පිරිස අතරේ කැරලිකරුවන්ගේ සගයන් ද අවි සඟවා ගෙන සිටියා විය නොහැකිද? ඉදිරි ලෑලි දොර බිඳ දැම්මේ නම් සන්නද්ධ කැරලිකාර රැඳවියන් හා පිටත අවිගත්තවුන් පොලිසියට ද වෙඩි තබා මහා ජන සංහාරයක් සිදු කිරීමට ඉඩ තිබිණැයි සිදුවීම් නිරීක්ෂණය කිරීමේදී පෙනී යන තවත් වැදගත් කරුණෙකි. එවැනි බිහිසුණු සැලසුමක් තිබුණා හෝ නොතිබුණා විය හැක. ඉදිරි ලෑලි දොර බිඳ දැමීම වැළකුණේ පිටත සිටි බන්ධනාගාර නිලධාරියෙක් ලෑලි දොරේ හිලකින් සිය T-56 ගිනි අවියේ බටය ඇතුළට දමා වෙඩි තැබීමෙනි. බන්ධනාගාරයේ මෙම මහා කැරැල්ල හටගන්නා අවස්ථාවේ එහි රැඳී සිටි උසස් නිලධාරීන්, කොළඹ නිලධාරීන් හා වගකිවයුතු දේශපාලන අධිකාරිය නිරුත්තරව පසු වූයේ මන්දැයි සොයා ගත හැක්කේ අපක්ෂපාතී, විනිවිද පෙනෙන පරීක්ෂණයකින් පමණි.
කෙසේ වෙතත් අප මෙයින් අදහස් කරන්නේ වෙඩි තබා සිරකරුවන් හෝ වෙනත් කිසිවකු ඝාතනය කිරීම නොවන බව කරුණාවෙන් සලකන්න. තත්ත්වය සමනය කොට ජීවිත ආරක්ෂාව සලසා දිය හැකිව තිබූ අවස්ථා මග හැරගිය ආකාරය පමණි. කෙසේ වෙතත් මීගමුව බන්ධනාගාර ප්‍රහාරය ඇතැමුන්ට අලුත් ප්‍රහාරයක් වුවත් ජනමාධ්‍යවේදීන්ට නම් ඒවා පුරුදුය. 2020 දී අනුරාධපුර, 2022 දී මහර බන්ධනාගාර කැරලි කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඒත් උගත් පාඩමක් නැත. බන්ධනාගාර නිලධාරියා හර්ෂන නානායක්කාර ඇමතිවරයාට නොකියා කියන්නට උත්සාහ කළේ මේ කතාව විය නොහැකිද?
අනුර හොරේෂස්