අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රඳවා සිටින වාට්ටුවේම රඳවා තබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.ඊයේ (12) පස්වරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබූ චාමර සම්පත් දසනායක මහතා මෙලෙස අදාළ වාට්ටුව වෙත යොමු කළ බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමින් පැය හතරක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකාර මන්ත්‍රීවරයා ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පොස්පේට් අපනයනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීම වෙනුවෙන් සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.ඊට අමතරව, සිය බිරිඳ සහ ඥාතීන් සම්බන්ධ කරගනිමින් අයථා ලෙස වත්කම් උපයාගැනීම සහ මැණික් ව්‍යාපාරිකයන් රැසකගෙන් අල්ලස් ලබාගැනීම යන සිදුවීම්වලට අදාළව ද සැකකරුට එරෙහිව විමර්ශන සිදුකර ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.ඒ අනුව, අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි පහකට අදාළව අධිකරණය හමුවට පමුණුවන ලද චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා මෙලෙස ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.