ඩෙංගු අවදානම ඉහළට

වසරේ ගතවූ කාලය තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 97,637ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.එම ඒකකය සඳහන් කළේ මෙම රෝගීන් අතරින් 74දෙනෙක් ජීවිතක්ෂයටද පත්ව තිබෙන බවයි.

මේ අතර සැප්තැම්බර් මාසයේ ගත වූ දින 13ක කාලය තුළදී ඩෙංගු රෝගීන් 2,146ක් ද වාර්තා වී තිබේ.ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ සමස්ත ඩෙංගු රෝගීන් වාර්තාවීම සැලකීමේදි වැඩිම රෝගීන් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ 20,742ක් ලෙසයි.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,235ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,291ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,247ක්ද වාර්තා වී තිබේ.

කාලීන පුවත්